(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ගම්පහ, පල්ලෙවෙල ප්‍රදේශයේ පිහිටි පාසලක හත්වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවකු අල්ලා ගස් බැඳ පහර දී කලිසම ගලවා සිරුර තුළට යමක් ඇතුළු කර ලිංගික අතවරයක් සිදු කළේ යැයි කියන දොළොස් හැවිරිදි සිසුවකු සැක පිට අත්අඩංගුවට ගත් බව පල්ලේවෙල පොලිසිය පවසයි.
මෙම සිද්ධියට සම්බන්ධ බවට පැවසෙන තවත් සිසුන් පස් දෙනකු සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
පාසල් කාලයේ දී මෙම අතවරය සිදුව තිබේ.
බරපතළ ලිංගික අතවරයකට ලක් වූයේ යැයි කියන සිසුවා රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර මෙම සිසුවාගේ මව බස්නාහිර උතුරු දිසාව යටතේ පාලනය වන පොලිස් ස්ථානයක ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති තනතුර දරන පොලිස් පරීක්ෂකවරියක් යැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
අවුරුදු 12ක් වයසැති මෙම සිසුවාව විදුහල් භූමියේ ඇති වැසිකිලිය ආසන්නයේ ඇති ගසක බැඳ මෙවැන්නක් කර තිබෙන බව එම උසස් පොලිස් නිලධාරියා කීය.
එම සිසුවා පාසලේදී ගැහැණු ළමයකු ආකාරයට නිහඬව,කලබලයකින් තොරව සිටින නිසා එවැන්නක් කර ඇති බව අත්අඩංගුවට ගත් සැකකාර පාසල් සිසුවාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි විණි යැයි පොලිස් ආරංචි මාර්ග වලින් දැනගැනීමටඇත්ත.
මෙම බරපතළ සිද්ධිය යටපත් කර ගැනීමට පාසලේ ගුරුවරියක දැඩි උත්සාහයක නිරතව සිටින බව කියති.
මෙම ගුරුවරිය පොලිස් පරීක්ෂකවරියක් වන සිසුවාගේ මවට කිහිපවතාවක් ඇයගේ ජංගම දුරකථනයට කතා කර මෙම සිද්ධිය දුරදිග ගෙන නොයන ලෙසට බලපෑම් කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂ කටුවන මුල්කිරිගල ආසන බලමණ්ඩලය පිහිටුවීම එජාප නියෝජ්‍ය නායක ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. එක
ඉන්දීය ප්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් පිල සහ චෙන්නායි සුපර් කිංග්ස් පිල අතර අහමදාබාද්හිදී දැන් පැවැත්වෙන අවසන් මහ ත
වෙළඳපොළේ කුකුලු මස්, මාලු සහ බිත්තර මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
ඉන්දියාවේ කුකුළු ගොවිපළ පහකින් දිනකට බිත්තර ලක්ෂ දහය බැගින් ආනයනය කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර ම
හැඳල උස්වැටකෙයියාව ‘‘බේසම‘‘ නමැති මුහුදු වෙරළේ ඉකුත් දින දිය නෑමට ගොස් මුහුදේ ගසාගෙන ගිය තරුණයන් දෙදෙනාගේ සිරුරු අද සොයාගත් බව පොලිසිය කියයි.
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවාවන් ඉදිරි මාස තුන තුළ මාර්ගත ක්‍රමය හෙවත් ‘ඊ-මෝටරින්’ ක්‍රමයට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය
මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා
ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්
කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ
අහිංසක දරුවාට පාසලේ යාළුවන් දුන් දඬුවම
චමින්ද Monday, 27 March 2023 03:04 AM
අපචාරයට අනුබල දීමක් ගුරුවරිය කර ඇතිබව පේනවා දරුවාට අපරාධයක් කිරීම වෙනුවෙන් ප්රශ්නය දුරදිග නොයන්න නම් ගුරුවරියට දඩුවමක් දියයුතුය මෙහෙම දේවල් සදහා වසර දෙකකට නොවැඩි සිර දඩුවමක් හා රුපියල් ලක්ෂ ගණනක් දඩයක් දෙන්න පුළුවන් කියලා අහල තියෙනවා මොනවා කලත් මිට්ට තට්ටෙගෙ සාමාජිකාවක් කියලා කියන්න පුළුවන් නැත්නම් මෙහෙම දේවල් කරන්නෙ නැහැ කියලා පැහැදිලියි
sugath Monday, 27 March 2023 05:16 AM
මේ හැසිරීම තමා "හරක් කටා", "බුරු මුහුනා" බිහි කලේ. මෙවැනි නරුමයින්ට දැඩි දඬුවම් දිය යුතුයි.
Lalla Monday, 27 March 2023 06:51 AM
ඔය කියන ගුරුවරියට සම්බන්ධ දරුවෙක් මේක මෙහෙයවන්න ඇති. කටකතාත් වැදගත් වෙන වෙලාවල් තියෙනව... චුට්ටක් කන් යොමුකර හිටියනම් ගේට්ටුව අසල දෙමාපියන් පොදිය ඉන්න වෙලාවට....
ජගත් ලියනගේ Monday, 27 March 2023 07:05 AM
ළමයි, නොයෙකුත් හේතු නිසා පුදුම අසහනයෙන් ඉන්නේ .
බී.එම්.ආර්. බස්නායක Monday, 27 March 2023 07:39 AM
ළමයින් වුවත් මෙවැනි අපරාධ වලට කිසිම බුරුලක් දෙන්න එපා.
අරගලකරුවෝ Monday, 27 March 2023 08:47 AM
අන්තරේ නායකත්වයට සියලු සුදුසුකම් සපුරා ඇති බව මහත් සංවේගයෙන් දැනුම් දෙනු ලැබේ! අරගලේ ටෙන්ට් ඇතුලෙ කරපුව ලමයි ඉස්කෝලෙදි කරනව.
pakeer Monday, 27 March 2023 08:54 AM
දුරදිග නොයන්න නම් මෙම ගුරුවරියවත් එසේ ගස් බැඳ දරුවට කළ දේම ඒ ආකාරයටම කරන්න ඕනි කියලයි මම කියන්නේ.
Tharuka Silva Monday, 27 March 2023 09:01 AM
ලජ්ජා නැති ගුරුවරු සහ ලමයින්. ශිෂ්‍යයන්ට සහ ගුරුවරයාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඔනෙ. මේ ගුරුවරයාත් සම්බන්ද ඇති මේ අසික්ශිත ක්‍රියාවන් වලට.
මුදිත් Monday, 27 March 2023 10:24 AM
පොලිස් පරීක්ෂකගේ දරුවට එහෙම නම් අනිත් අයගේ දරුවන් ගැන කුමන කතාද?
rangana Monday, 27 March 2023 11:18 AM
මෙච්චර දෙයක් කරනකන් මේ පාසලේ ගුරුවරු මොකද කරේ දරුවෙකුට ආරක්ෂිත පරිසරයක් පාසලේ ඇති කිරීම ගුරුවරුන්ගේ වගකීමක්
Marsipala Monday, 27 March 2023 12:20 PM
ගුරුවරියටත් ඒ වගේම දඬුවමක් දුන්නනම් තේරෙයි ඒ දරුවට කොච්චර වේදනාවක් දැනෙන්න ඇතිද කියලා. ආගම ධර්මය පිරිහිලා දරුවන්ගේ මන විකෘත්ති වෙලා. කණගාටුයි.
sam Monday, 27 March 2023 01:16 PM
ගුරු සේවයට නුසුදුසු ඒ එළදෙනගෙ වැඩ වහාම තහනම් කරන්න. ගුරුවරියක් කියා මෙවැනි අයට කියන්න එපා.
ranjith Monday, 27 March 2023 03:57 PM
ගුරුවරියො පිරිමි ලමයිට කරන දේවල් පහුගිය කලෙ පත්තර වල අපි දැක්ක ඔයිට වඩා හොර රහසෙ එලිනොවෙන දේවල් කොපමන ඇතිද.
sampath Monday, 27 March 2023 09:17 PM
බලපෑම් කල ගුරුවරියට විරුද්ධව වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනතින් පැමිණිල්ලක් ගොනු කරන්න ඇප ගන්න බෑ .එතකොට ඔය බලපෑම් ඉවරයි