IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අහසට වෙඩි තැබූ හිටපු මන්ත්‍රී අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරෙයකු මෙන්ම සමගි ජන බලවේගයේ හොරණ සංවිධායකවරයකු  වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද  අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.

සැකකාර හිටපු මන්ත්‍රීවරයා සන්තකේ තිබූ මිලි මිටර් 9 වර්ගයේ ගිනි අවිය සහ සහ ජීව උණ්ඩ තුනක් පොලිස් භාරයට ගෙන ඇත.

මන්ත්‍රීවරයා හොරණ ධීරානන්ද මාවත ප්‍රදේශයේ ඔහුට අයත් පෞද්ගලික තේ ඉඩම නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ එම ඉඩමට අනවසරයෙන් ඇතුළු වී එහි තිබෙන නිවස ඉදිරිපිට රැඳී සිටි ආගන්තුක පිරිසක් සමග ඇතිවූ බහින්බස් වීමකින් පසු එම පිරිසෙන් අයකු මන්ත්‍රීවරයාට පොරවකින් පහරදීමට උත්සාහ දැරීමේදී වෙඩි තැබීම සිදු වී ඇති බව දැනගන්නට ඇත.

මන්ත්‍රීවරයා ඔහු සතුව තිබූ ගිනි අවියෙන් අහස දෙසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.

සැකකාර මන්ත්‍රීවරයා සාපරාධී බියගැන්වීමේ චෝදනාව මත හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (9)

අහසට වෙඩි තැබූ හිටපු මන්ත්‍රී අත්අඩංගුවට

Demuni de Silva Wednesday, 14 June 2023 10:35 PM

සිද්ධිය දේශපාලනයට මිශ්‍ර නොකළ යුතුයි.

:       0       0

සසංක Wednesday, 14 June 2023 11:04 PM

පොරවෙන් කොටන්න ගිහින් තියෙන්නේ හුරතලේට වෙන්ඩ ඇති..

:       0       0

Bamunuarachchi Wednesday, 14 June 2023 11:06 PM

අහසට වෙඩි තියෙනවත් බැරිනම් මොන බම්බුවකටද තුවක්කු? ෂෝ එකට තියාගෙන ඉන්නද?

:       0       0

අබිලින් Thursday, 15 June 2023 04:19 AM

පුදුම වැඩක් තමයි තමන්ගෙ ඉඩමට බලෙන් ඇවිල්ලා අයිතිකරුට පොරවෙන් ගහන්න ගියාම අහසට වෙඩිතබා ජීවිතය බේරාගැනීම සාපරාධී බියගැන්වීමක් කියන්නෙ ඇයි මෙහෙම ගියොත් රට හොරුන්ට මංකොල්ලකාරයින්ට අයිතිවෙන්න පුළුවන් ඇත්තටම වැරැද්ද අහසට වෙඩිතැබීමද නැත්නම් අනුන්ගේ ඉඩමකට බලෙන් ඇතුලුව අයිතිකරුට පොරොවෙන් කොටන්න යාමද කියලා නොතේරෙන නිසා ඇහුවෙ දන්න කෙනෙක් කියලා දෙන්න

:       0       0

යෝගා Thursday, 15 June 2023 06:56 AM

ඇයි නම කියන්න ඔච්චර බය? ඔය මන්ත්‍රී අමුතු සතෙක්ද..?

:       0       0

සුපුන් Thursday, 15 June 2023 09:21 AM

මොකෝ නම කියන්න බයද. පොල් ගෙඩියක් හොරකම් කරල අහු උනානම් හොරකම් කරපු එකාගෙ පැටිකිරිය ඉදන්ම දාන්නෙ

:       1       10

Tharanga Thursday, 15 June 2023 09:52 AM

පෞද්ගලික ඉඩමකට අනවසරයෙන් ඇතුල් වෙලානම්, පොරවකින් පහරදීමට උත්සාහ කරලත්නම්, හිනිඅවිය නිත්‍යානුකුල එකක්නම්, වෙඩි තියල තියෙන්නෙත් අහසටනම්, මේ මිනිහ කරපු වරද මොකක්ද?

:       0       23

BandaThursday, 15 June 2023 01:21 PM

වරද තමයි රනිල්ටයි නාකි මයිනටයි කඩේ නොයන වෙනත් පක්‍ෂයක එකෙක් වීම. සමහරවිට පොරවෙන් ගහන්න ආපු එකා පොහොට්ටුවෙ හරි රනිලගෙ හරි බත් බැලයක් වෙන්න ඇති.

:       0       7

KALUYAKA Thursday, 15 June 2023 02:18 PM

මුන් නම දාන්න දැනටම බයවෙලා..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site