IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


අහම්බෙන් හමු වූ රන් බඩු සේප්පුව

(හේමලාතා ඩී හේවගේ)

මා ඔය පිටාර ගැලීමත් සමග ගිරිඋල්ල නගරය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවුණා. මගේ රන්බහන්ඩ වෙළඳසැල ඇතුළු වෙළඳසැල් විශාල ප්‍රමාණයක් ගං වතුරට හසුවුණා. වෙළඳසැලේ තිබුන ඇනයක්වත් ඉතුරු වුණේ නෑ. සේප්පු දෙකත් වතුරට ගහගෙන ගිහිල්ලා. වතුර බැස ගියාට පසුව එක සේප්පුවක් වාසනාවට වගේ රන් භාණ්ඩ සමඟ මට ලැබුණා යැයි නිව් රන්මුතු ජුවලස් හිමිකරු ලලිත් නව රත්න මහතා පැවසීය.

ඉකුත් 28 දින පැවති අධික වර්ෂාවත් සමඟ මා ඔය පිටාර ගැලීමෙන් ගිරිඋල්ල නගරයේ වෙළඳසැල්, ව්‍යාපාරික ස්ථාන ඇතුළු නිවාස විශාල ප්‍රමාණයකට හානි සිදු විය.

ඇඳිවතට පමණක් සීමාවූ ගිරිඋල්ල නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල ජනතාවට සිදුවූ පාඩුව සහ හානිය වචනයට නැගිය නොහැකි බව ලලිත් නවරත්න මහතා පැවසීය.

මගේ රන් භාණ්ඩ වෙළඳසලේ කිලෝ 500 ක් බර හා කිලෝ 1000 ක් බර සේප්පු දෙකක් තිබුණා. ජලය වැඩිවෙනවාත් සමග රන් භාණ්ඩ සියල්ල ඒ සේප්පු දෙකට දැම්මා. ආපු වතුර පාරේ සැරකමට සේප්පු දෙකම ගහගෙන ගිහිල්ලා.

වතුර බැස ගියාට පසුව මම ඇවිත් වෙළඳසැලේ තිබුන භාණ්ඩ පිළිබඳව සොයා බැලුවා. වෙළඳ සැල ඇතුළේ ඇනයක්වත් ඉතුරු වෙලා තිබුණෙ නැහැ. රුපියල් ලක්ෂ 25 ක් විතර වටින උපකරණ ඇතුළු භාණ්ඩ සේරම වතුරේ ගහගෙන ගිහිල්ලා. මා ඔය ආසන්නයේ ඇති සෙලාන් බැංකුව පිටුපස පස් කන්ඩියට හිරවෙලා සේප්පු දෙක තිබුණා. පොඩි සේප්පුවේ දොර ඇරිලා ඒකෙ තිබුන රුපියල් ලක්ෂ 15 ක් විතර වටිනා රන් භාණ්ඩ, මැණික් ගල්, රිදී භාණ්ඩ වතුරේ ගහගෙන ගිහිල්ලා. ලොකු සේප්පුවේ දොර ඇරිලා නෑ. ඒකෙ තිබුන රුපියල් ලක්ෂ 15 ක් පමණ වටින රන් භාණ්ඩ සමග සේප්පුව ලැබුණා. මම හිතන්නේ ඒකත් ලොකු දෙයක්. ව්‍යාපාරයේ තිබුණ සියලු දේවල් මා ඔයට බිලි වුණ මට සේප්පුවේ තිබුන රත්තරන් බඩු ටික හරි ලැබුන එකත් ලොකු අස්වැසිල්ලක් 

 



අදහස් (5)

අහම්බෙන් හමු වූ රන් බඩු සේප්පුව

Jagath Wednesday, 03 December 2025 06:01 AM

මේ ලියලා තියෙන විස්තරය නිවැරැදිද? මොකද රුපියල් ලක්ෂ 15 කියන්නේ පවුම් 5ක වගේ රත්තරන්. සේප්පුවක තියෙන්නේ පවුම් 5 වගේද?

:       0       14

Dinesh Wednesday, 03 December 2025 03:42 PM

මාර වැඩෙ කියන්නේ ලෝක ඉතිහාසයටම අදමයි ඇහුවේ වතුරට සේප්පුව ඇරුණා කියලා. සුනාමියට යාලේ හෝටලයක තිබුණා. සේප්පුවක් ගසාගෙන ගියා. හැබැයි ඇරුනේ නැහැ. මේක ඇරිලා සිංහලයා බෝරු කියන් රුසියා කියන්නේ නිකමටද?

:       0       13

ගලපාත Thursday, 04 December 2025 06:58 AM

යකෝ රුපියල් ලක්ෂ 25 ශොප් එකේ තිබ්බ බඩු වල වටිනා කමත් එක්ක. එතකොට මෙයාගේ ශොප් එකේ රත්‍තරං ද නැත්‍තං පිත්තලට තිබිලා තියෙන්නේ. පවුම් පහේ මාල දෙකක්ම ලක්ෂ 25කට වැඩියි...

:       0       9

P W Senevirathne Friday, 05 December 2025 04:08 PM

ඔය සේප්පුව ගංවතුරට ඇරුන කියන කතාව රක්ෂණ සමාගම්වලට කියන්න අපිට ඔය බොරු එපා

:       0       6

ගයනි කාංචනා Monday, 08 December 2025 04:30 AM

වටිනාකමේ හැටියට උඩරට ඇඳුම් කුලියට දෙන තැනක් වෙන්න ඇති. ඒවා රන් ආලේපිත පිත්තල. සේප්පු ගහගෙන ගියා කියන එකයි, දොර ඇරුනා කියන එකයි අභව්‍යයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 458 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 461 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 415 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site