( එම්.සුසිල් පියන්ත)
අහුන්ගල්ල පතිරාජගම අද (11) දහවල් දෙපිරිසක් අතර ඇසිඩ් පහාරයක් හා තියුණු ආයුධයකින් පහරදීමකින් හය දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.
මේ ගැටුමෙන් දෙපිරිසේම තිදෙනා බැගින් හය දෙනකුටම තුවාල සිදුවී ඇති බවත් මේ හය දෙනා අතර කාන්තාවන් තිදෙනකුද සිටින බවද පොලීසිය කියයි.
එක් පාර්ශවයකින් එල්ල කරන ලද කඩු පහාරයකින් අනෙක් පාර්ශවයේ අයකුට බරපතල තුවාල සිදුව තිබෙන බවත් අනෙක් පාර්ශවය ඊට පිළිතුරු වශයෙන් එල්ල කරන ලද ඇසිඩ් පහාරයකින් හා පහරදීම්වලින් පස් දෙනකු තුවාල සිදුවී ඇති බවත් පොලීසිය කියයි.
පෞද්ගලික ආරවුලක් මත මේ ගැටුම ඇතිවී ඇත්තේ යාබද පවුල් දෙකක් අතර බවද පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
198
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අහුන්ගල්ලේ දෙපිරිසක් ඇසිඩ්වලින් ගහගෙන
සෙනෙවිරත්න Wednesday, 11 October 2023 01:20 PM
මුන්ට මොනව වෙලාද, මෙහෙම මරාගන්නෙ? නඩු කියන්න ගියහම මේ උන්ගෙ සේසතම විනාශ වෙන බවත් චූදිතයා සහ වින්දිතයා දෙදෙනාම වින්දිතයන් වන බවත් කලුකෝට් කාරයන්ට කල්ල මරේ බව වටහාගනිත්වා.!
බද්රානි Wednesday, 11 October 2023 02:07 PM
ආ.. ඔය පළාතේ ඉන්න මිලේච්ජයින්ගේ හැටියට ඕක සුළු දෙයක්නේ...