IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අහිතකර අලේපන සමඟ ව්‍යාපාරිකයෝ හතරක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ  සහ සුමිත් පොතුපිටිය)

මිනිස් සිරුරට ප්‍රබල හානි කරන පිළිකා කාරක දෑ රසායනික ද්‍රව්‍ය අඩංගු ක්‍රීම් වර්ග රූපලාවන්‍ය ලේබල් ගසා දිවයින පුරා බෙදා හැරි පිටකොටුව දෙවන හරස් විදියේ ප්‍රධාන පෙළේ වෙළඳසැල් හතරක් වටලා ව්‍යාපාරිකයන් සිව් දෙනකු අත්අඩංගුවට ගැනීමට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායට හැකි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි

එම වෙළඳසැල් වලින් එලෙස බෙදා  හැරි විවිධ ආලේපන වර්ග 1143 ක් ද සැකකාර ව්‍යාපාරිකයන් සමග පොලිස් භාරයට ගෙන ඇත

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිරීක්ෂණයන්ට අනුව මිනිස් සිරුරට ප්‍රබල හානි කරන තත්ත්වයන් ඇති කරන  රසායනික සංයෝග අඩංගු රූපලාවන්‍ය කටයුතු සඳහා භාවිතා කරන ආලේපන වර්ග විශාල වශයෙන් මෙම වෙළඳසැල්වලින් බෙදා හරින බවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම් සිදුකර ඇත

එක් වෙළඳ සැලක තිබී මිනිස් සිරුරට අහිතකර රූපලාවන ආලේපන 735 ක් සමග කලගෙඩිහේන තිහාරිය පදිංචි වයස අවුරුදු 45ක සැකකරුවෙකු , අනික් වෙළඳ සැලේ තිබී ආලේපන  වර්ග 32 ක් සමග මොරටුව මෝදර පදිංචිකරුවෙකු , තෙවන වෙළඳ සැලේ තිබී ආලේපන වර්ග 109 ක් සමග වත්තල පදිංචිකරුවෙකු හා සිව්වන වෙළඳසැලේ තිබී ආලේපන වර්ග 267 ක් සමග වත්තල අක්බාර් ටවුන්හි පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි වී ඇත

 



අදහස් (0)

අහිතකර අලේපන සමඟ ව්‍යාපාරිකයෝ හතරක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site