(අංජුල මහික වීරරත්න)
අස්වැසුම වැඩපිළිවෙල මන්දගාමි කරන දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රධාන වගකිවයුතු සියලු නිලධාරීන්ට එරෙහිව කටයුතු කිරීමට වන බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නිලධාරීන්ට දැඩිව දැනුම් දී ඇත.
පීඩාවට පත්ව සිටින අඩු ආදායම්ලාභි ජනතාව වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන අස්වැසුම වැඩසටහන ඉක්මනින් ක්‍රියාත්මක කොට ජනතාවට සහන දීමේ රජයේ අපේක්ෂාව කිසියම් පිරිසක් විසින් ප්‍රමාද කරන බවට පෙනෙන්නට තිබෙන බැවින් ජනාධිපති ලේකම්වරයා මෙලෙස නිලධාරීන්ට දැඩිව අවවාද කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවක දී සමන් ඒකනායක මහතා මේ බව දැනුම් දී ඇත. අස්වැසුම නොලැබුණු අයට අභියාචනා ඉදිරිපත් කිරීම සේම අලුතින් අස්වැසුම යටතේ ලියාපදිංචි කිරීම ගැන සමාලෝචනයක් මෙහිදි සිදුකර තිබේ.
එහිදි එක් දිස්ත්‍රික් ලේකම්වරයකු ලබාදී තිබෙන ඉලක්කය 100% ක් සපුරද්දී තවත් අයෙකු එය 20% ක ප්‍රතිශතයකින් නිම කර තිබිම සම්බන්ධයෙන් කරුණු දක්වමින් ජනාධිපති ලේකම්වරයා මේ බව දැනුම් දී ඇත. නැවත මෙවැනි දේ විය නොහැකි බවට ද ඔහු අවවාද කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අස්වැසුමට බාල්දි දාන ලොක්කන්ට වැඩ වරදී
Lalla Saturday, 03 February 2024 12:31 PM
ඡන්ද බලාගෙන රටේ ජනගහනයෙන් භාගයකට පින්පඩි දෙන්න වැඩ කරන ජනතාව ලක්ෂ පහළවක් මරාගෙන කන එක නවත්වන්න. නිකම්ම පඩි දෙනකොට නිකමුන් වැඩිවීම නවත්වන්න බෑ නේද?...
Jayaweera Saturday, 03 February 2024 04:57 PM
දෙවැනි ලෝක යුද්ධය කාලයේ ආහාර හිඟයක් තිබුණු නිසා සලාක ක්‍රමයට ආහාර ලබාදීම රජයෙන්ම කළා. නිදහස අරගෙන සංවර්ධනය කරන අතරම සමාජවාදීන් එම ක්‍රමය දිගින් දිගටම ගෙනයාමට හර්තාලය කළා. ඉන් පස්සේ දේශපාලුවන් ගොවිතැන දියුණු කරන අතරේ හාල් සේරුවක් නොමිලේ දෙන්න ගත්තාම එයින් පස්සේ බලය ගන්න ආවේ හඳෙන් හරි හාල් සේරු දෙකක් ගෙනැවිත් දෙනවා කියලා ඉන් පස්සේ ඇට අටයි කියලා කියපු කෙනා අටම අහෝසි කර වෙළදපොලේ ආහාර සුලබ කිරීමට කටයුතු කළා.. ඉතින් ඊට පස්සේ ප්‍රේමදාස ජනාධිපති සතියකට දින කීපයක් ගමේ පොදුවැඩක් කළාම දීමනාවක් දුන්නා... ගමේ මාර්ග ඉදිවුණා... ඒත් පාන් රාත්තල තුනයි පනහට කන්න මිනිස්සු ආණ්ඩුව වෙනස් කළා... දේශපාලන හිතවතුන්ට අතපය හකුලාගෙන ඔලුව දණිස්දෙක අස්සේ ගසාගෙන නිදියන්න අවස්ථාව දුන්නේ නැගිට්ට වෙලාවේ කන්න සමුර්ධි කියලා බොහෝ වරප්‍රසාද සහිතව දීමනාවක් දීලා තමයි... දැන් ආයෙත් ඇති හැකි අය සඳහා අස්වැසුම කියලා එකක් දෙනවා. ඇත්තටම ඔය ප්‍රගතියක් නැහැ කියන දිසාපතිතුමා අනවශ්‍ය අයට ජනතා මුදල් බෙදීමට අකමැති අයෙක් නිසා ප්‍රගතිය අඩු ඇති...
Bamunuarachchi Sunday, 04 February 2024 12:23 AM
Lal ඒක තේරුම් ගන්න ඔබ ඒ අසරණ තත්වයට වැටෙන්න ඕනේ...!
Bamunuarachchi Sunday, 04 February 2024 12:26 AM
රටේ පාලනයට බාල්දි පෙරලන්නේ රාජ්‍ය නිලධාරීන් කියන අය. ඔවුන්ගේ ඔලුවලට අසුචි බාල්දි හලන්න ඕනේ....!
නාවලගේ කරේ. Sunday, 04 February 2024 01:41 PM
රාජ්‍යපරිපාලන ධූරාවලියේ ඉහළම ස්ථරය නියෝජනය කරන මෙතුමා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ මෙන්ම ශ්‍රී ලංකා විදේශ සේවයේ ද අත්දැකීම් බහුල ඉතාමත් කාර්යශූර නිලධාරියෙකි. ආයු රක්ඛන්තු, ආවඩා...!!!