IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අස්වැසුමට අයැදුම්පත් අද සිට

(අංජුල මහික වීරරත්න)

අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම අද (15) සිට මාර්තු 15 වනදා දක්වා සිදු කෙරෙන බවත්  සුදුසුකම් ලබන සියලු දෙනාට අස්වැසුම ප්‍රතිලාභ කිසිදු බලපෑමකින් තොරව හිමිවන බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසීය.

අස්වැසුම පළමු අදියර සඳහා අයදුම්පත් යොමු කර නොමැති පවුල් වලට  මෙන්ම අයදුම්පත් ඉදිරිපත් කළ නමුත් නිවාස තොරතුරු සංගණනයට ලක් නොවූ ඕනෑම තරාතිරමක පුද්ගලයකුට අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම් කිරීමේ අවස්ථාව හිමිවන බවද විජේරත්න  මහතා සඳහන් කළේය. 

අස්වැසුම දෙවැනි අදියරේදී පවුල් ලක්ෂ 24කට ප්‍රතිලාභ ලබා දීමට අපේක්ෂිත අතර එහිදී හැකිතාක් සත්‍ය හා නිවැරදි දත්ත ඇතුලත් අයදුම්පත් ඉදිරිපත් කිරීමෙන් ප්‍රතිලාභ ලබා දීමේ ක්‍රියාවලිය කඩිනම් කළ හැකි බව කී සභාපතිවරයා නිශ්චිත කාල රාමුව තුළ අස්වැසුම ප්‍රතිලාභ ලබා දීමේ අරමුණින් දෙවැනි අදියර සඳහා අයදුම් කිරීමේ දී අයදුම්කරුවන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර ඇති  බවද සඳහන් කළේය.

ඒ අනුව ජාතික හැඳුනුම්පත් නොමැති අයදුම්කරුවන්ට කඩිනමින් හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් විශේෂ වැඩසටහනක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ක්‍රියාත්මක කෙරේ. 

අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම් කිරීම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මෙන්ම ග්‍රාම නිලධාරීවරයා හෝ ප්‍රදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කළ හැකි අතර   www.wbb.gov.lk  වෙබ් අඩවිය ඔස්සේ සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් තම අයදුම් පත සම්පූර්ණ කළ හැකි වේ. 

මාර්ගගතව අයදුම් කළ නොහැකි පිරිස් සඳහා ආදර්ශ අයදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හෝ සිවිල් සංවිධාන හරහා ලබා ගත හැකිය. මෙම ඉල්ලුම්පත් කිසිසේත්ම මිලදී ගැනීමට අවශ්‍ය නොවේ.

පළමු අදියර සඳහා අයදුම් කර ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් නොලැබූවන්ට මෙන්ම අභියාචනා පරීක්ෂණ සඳහා සහභාගී නොවූවන්ටද තොරතුරු නැවත සනාථ කිරීමට (Recertification) අවස්ථාවක් ඉදිරියේදී ලබා දෙන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා කීය.අස්වැසුම පිළිබඳ වැඩි විස්තර 1924 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ලබා ගත හැකිය.



අදහස් (4)

අස්වැසුමට අයැදුම්පත් අද සිට

සල්ලි Friday, 16 February 2024 08:11 AM

බිලීපිති දෙනවා කියලා නේද කලින් කීවේ? අපේ බදු සල්ලි උන්ගේ ගෙදරින් ගෙනාපු ගානට බෙදන්නේ. පල් හොරු.

:       0       2

G. ලකෂ්මි දිල්රුක්ෂි Tuesday, 12 March 2024 11:33 AM

අස්වැසුම සදහා අයදුම්පත

:       0       2

G. ලකෂ්මි දිල්රුක්ෂි Tuesday, 12 March 2024 11:37 AM

අස්වැසුම සදහා අයදුම්පත

:       0       2

R.M. රේණුකා දමයන්ති Saturday, 28 December 2024 05:19 AM

මා දරු තිදෙනෙක්ගේ මවක්. ස්වාමියා අහිමියි. පියාට රජයේ වැටුපක් ලැබෙන බැවින් මහජන ආධාර කිසිවක් මා හට නොලැබේ. එමනිසා මේ සඳහා ඉල්ලුම් නොකළෙමි මා හට මාර්ග ගත ක්‍රමයට ඉල්ලුම් කළ හැකිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 234 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site