(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
දැඩි ලෙස අසාධ්‍ය වු අලි පැංචකු නවගත්තේගම මහමැද්දෑව ප්‍රදේශයෙ නිවසක මිදුලකට අද දින අලුයම පැමිණ අසරණව වැටි සිටියදී වනජීවි නිළධාරින්ට දන්වා ප්‍රතිකාර ලබා දීමට කටයුතු කළේය.
මහමැද්දෑව ගම්මානය ආසන්නයෙ සිට ආරම්භ වන තබ්බෝව අභය භුමියෙ සිට පැමිණි බවට සැකකරන මෙම අලි පැටවා විදුලි අලි වැටෙන් පැන ගම්මානයෙ නිවැසියකුගෙ මිදුලකට පැමිණ සිටි බව කියයි.
වයඹ වනජීවි පශු වෛද්‍ය ඒකකයෙ පශු වෛද්‍ය ඉසුරු කොට්ටගොඩ මහතා පවසා සිටියෙ මෙම අලි පැටවා හක්ක පටස් පිපිරිමකට ලක්ව මුඛ්‍ය තුළ තුවාල සිදුව ඇති බවත් ඒ සමගම සිරුරේ ස්ථාන කිපයකට වෙඩි වැදි තුවාල සිදුවිමේන් සිරුර පිටත හා අභ්‍යන්තරය තුළ තුවාල සිදු විමේන් අසාධ්‍යව මෙසේ ඇද වැටි සිටි බවයි.
අවුරුදු පහක් පමණ වයසකින් යුත් මෙම අලි පැටවා අඩි පහක පමණ උසකින් යුක්ත බව වනජීවි නිළධාරින් පවසයි.
අසාධ්‍යව සිටි අලි පැටවා පිහිට පතා නිවෙස ඉදිරිපිට මිදුලේ ඇද වැටි විලාප තැබු බව නිවෙස් හිමියා පවසයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අසාධ්‍යව නිවෙසට ආ අලි පැංචා විලාප නඟයි
Bempi Saturday, 12 November 2022 10:44 PM
අනේ මේ අහිංසක සතුන්ටවත් නිදහසේ ඉන්න නැහැනේ. ඔබට ඉක්මන් සුවය ලැබේවා.
SAMAKAMI Sunday, 13 November 2022 12:16 AM
වන ජීවයේ සොහොයුරාලානණි, අනේ, මෙි පාරිලෙය්‍ය පරපුරේ අහිංසක සතාගේ ජීවිතය බෙිරා ගමිමු. සතාටත් සොහොයුරන්ටත් කඩවර දෙවියන්ගේ ශක්තිය කාන්දු වෙිවා!!!
Nuwan Sunday, 13 November 2022 12:31 PM
හක්ක පටස් තියපු පරයාටත් හක්ක පටස් එකක් දෙන්න ඕනෑ... මොන සක්කිලිද මේවා කරන්නේ සත්තුන්ට...!
චතුරි Sunday, 13 November 2022 06:12 PM
හරිම අහිංසක සත්තු... ලොකු පන්සල්වල හාමුදුරු ගොල්ලන්ට පුළුවන්නේ. අලි ඇත්තු වෙනුවෙන් වැඩ කරන්න දළදා මැදුරේ සිට හැම පන්සලකම අලි ඉන්නවා. හැම සතාම එකයි පුරුදුකරලා ගත්තාම... කොහොම වුණත්, මේ සත්තුන්ගේ පෙළපත... ලොකු පන්සල්වල ඉන්න හාමුදුරුවන් ළඟ... අධික ධනවත් මිනිසුන් හා සමානව මුදල් තියෙනවා. නමුත්, මේ සත්තු වෙනුවෙන් එක සතයක් වෙන්කරනවාද? කොහෙවත් යන නළඟනකට ප්‍රකෝටි ගණනින් වියදම් කරලා සැප වාහන අරන් දීලා. ඔහොමද නිවනට මග පාදා ගන්නේ...? මේ සත්තු වෙනුවෙන් ඔවුන් ආරක්ෂා කරන්න කිසි කෙනෙක් කටයුතු කරනවාද?. පිටරටවල පන්සල්වලට තෑගිදෙනවා. නමුත් තමන්ගේ රටේ ඉන්න සතා දුක් විඳිනවා. මේ සතාගෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ පන්සල්වල පෙරහැර පටන් ගන්න කාලෙට... රටේ ජනතාවගෙයි, මේ සත්තුන්ගෙයි ජීවිත එකහා සමානයි. අන්ත අසරණයි. නඩේ කාලා සතුටින් ඉන්නවා. පෙරහරේ යන සත්තු විතරක් සැප විඳිනවා. ඒ සත්තු වයසට ගිහින් මැරෙනකොට... ආපහු යනවා පින්නවලට... උස මැනලා, කීකරු හොඳම අලියා අරන් ඇවිත්.... ජයට මගුල් කනවා. දැන් අලියට නම දාන්න... ප්‍රියමාලි කියලා
arschfikaa Sunday, 13 November 2022 10:54 PM
සුරුට්ටුවනුයි උන්ගෙ පන්සල්වල ඉන්නා නාකි දනවත් ලොකු හාන්දුරුවරුයි මෙවගැන බලන්නෙ නැහැනෙ. පුලුවන්නම් අලියවත් මරාගෙන අලිමස් කයි. හරක් මස්නෙ කන්න තහනම්. ලන්කාවෙ ඉපදුන අලිත් මහා දුක් විඳිනවා.