(අංජුල මහික වීරරත්න)
මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත එම්.එච්.එම්. අෂ්රෆ් මහතා ඉටුකළ සේවය අගයමින් “අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයක්” කල්මුණේ ප්‍රදේශයේ ඉදිකිරීමට රුපියල් මිලියන 25ක ප්‍රතිපාදන වෙන් කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීමෙන් මෙම මුදල් වෙන් කර තිබේ. අදාළ ඉදිකිරීම් කඩිනමින් ඇරඹීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි.
COMMENTS
මුස්ලිම් ඡන්ද වලට... මේවා තහනම් කරන්න බැරිද?
මේක මැතිවරණ නිති උල්ලංගනය කිරීමක් නෙවෙයිද?
රටට ' ජාතියට හො ආගමට මිහිහෙක් වටිනා දෙයක් කරා නම් ඔහුව සිහි වෙන්න පාසලක්, විශ්ව විද්යාලයක් හො අඩුම ගනෙ පුස්තකලයක් හදන්න. මොන මගුලකටද කෞතුකාගාර?
මුස්ලිම් ඡන්ද වලට පෙරේත මේ වගේ මල පෙරේතයො. මේව අම්මගෙ අප්පගෙ සල්ලිද. දැන් රටේ වෙන ප්‍රශ්න.ඇත්තෙම නැද්ද
මේ දිනවල දේශපාලන පක්ෂ මුස්ලිම් ප්‍රජාවට සහයෝගය දැක්වීමට දැඩි උනන්දුවක් දක්වති
මේ වෙලාවෙ කරන්න නුසුදුසුම වැඩ මේවා. පිස්සුද මේ මිනිහට? ළමයින්ට ඉස්කෝල වලට බිල්ඩිමක් හදල දෙන්න. දරුවො ඉගෙන ගනීවි. සහ ගහනවා ඔය අපරාධ වලට මෙහෙම මිනිස්සුන්ගෙ බදු මුදල් දේශපාලන බිලී බෑම් වලට භාවිතා කරනවාට. කොහොමත් මිනිස්සු කල කිරිලා ඉන්නේ. කරුණාකරලා නම්බු ඇතිව ඉවත් වෙන්න. නැතිනම් මහරජා ට ඇදපු කෙනාට සහ එයාගෙ මලයාට සිදු වුන දේමයි වෙන්නෙ. මේ මිනිස්සු මුස්ලිම් මිනිස්සු පොල් කිරි බීලා හැදුනා කියලාද හිතාගෙන ඉන්නේ? නිකං පෙට්‍රැල් පුච්ච ගන්නෙ නැතිව ගරු නම්බු ඇතිව ඉවත් වෙන්න. කුමාර් සංගක්කාර ආදර්ශයට ගන්න. අන්න ඒ වගේ උතුම් මනුෂ්‍යයෙක් ඡන්දය ඉල්ලුවා නම් ලොකු වෙනසක් වෙයි. නමුත් පවතින තත්ත්වය හමුවේ සභාවට විහිලු නොසපයා, මහජන මුදල් නාස්ති නොකර, කරුණාකර ඉවත් වෙන්න.
මෙයා මැරුනෙත් සල්ලි ගෝනි එක්කලා. එවෙලෙත් ලොකු මුදලක් රජයෙන් ගෙව්වා. මේවත් රජයේ සල්ලි. මුන් තාව හැදිලා නෑ. කිසිමදාක හැදෙන්නෙත් නෑ. ජන්ද දායකයොවත් හැදුනේ නැත්නම් රටට අබ සරණයි.
ඩී ඒ රාජපක්ෂගේ දෙවෙනි එකද? තවත් සොරකමකට පාරක් කරනවා වගේ... මදිද එක පවුලක් විකාර කරල කරපු දේවල්....ඊළඟට එන පරම්පරාව ඕව දිහා බලන්නවත් නෑ. හොඳම උදාහරණය කොළඹ එම් ජේ එම් ලෆීර් මාවත. ඒ පාරේ මුස්ලිම් කඩ හිමියෙක්ගෙන් ඇහුව කව්ද ලෆීර් කියල. ඔහු පමණක් නොව එතැන හිටිය කවුරුත් ලූතර් ගැන දැන හිටියේ නෑ. ලංකාව බිහිකල ලෝක බිලියඩ් සහ ස්නූකර් ශූරයා....ඉතින් අශ්රොෆ්ටත් ඔය ටික තමා....
ගෝටා හැදුවෙ අම්මගෙ අප්පගෙ සොහොන.. රටේ සල්ලි වලිං.. මේ මොනාද හදන්නෙ. බල තන්හාවෙන් මොලේ හොදටම විකෘති වෙලා...ඉක්මනට ගෝඨා ට උන දේ දෙතුන් ගුණයකින් වෙයි..
ෂා, මරේ මාරු...කල්මුණේ ප්‍රදේශයේ ඉන්න මුස්ලිම් ප්‍රජාවගෙ ඇති දැවෙන ප්‍රෂ්ණයක් විසඳිලා... මේ විදිහට රටේ හැම ප්‍රදේශයකටම කෞතුකාගාරයක් දෙන්න පුළුවන්නම් ඉතාම වැඩදායක වේවි. එතකොට රටේ ජනතාවට කන්න නැතත් හැම ප්‍රදේශයකටම කෞතුකාගාරයක් තියෙනවනෙ නිතර දෙවේලෙ බල-බල ඉන්න !!!
ඇයි ආණ්ඩුවෙන් ප්‍රතිපාදන දෙන්නේ මේකටද?
කල්මුණේ ජනතාවට එච්චරයි අඩුවකට තිබුනේ .ඒකත් හදිසියේ මතක් වෙච්චි එකනේ පුදුමේ? මීට වඩා ජනතාවට අවශ්‍ය දේවල් මොනතරම් තියෙනවද?