
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අවුරුදු සමයේ බඩු මල්ල ලබාදීම සඳහා වෙන් කළ රුපියල් මිලියන 1000 ක මුදල රුපියල් මිලියන 1500 දක්වා වැඩි කරන්නට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අපි පන්දාහක බඩු මල්ලක් 2500 ට දෙනවා.අස්වැසුම නැති නමුත් අස්වැසුම අපේක්ෂාවෙන් ඉන්න අට ලක්ෂයක් පමණ වන අයැදුම්කරුවන්ට මේ සහනය දෙනවා.ඒ සඳහා ලංකා සතොස ආයතනය සැපයුම්කරුවන්ගෙන් ටෙන්ඩර් කැඳවා කටයුතු කරනවා.
නාඩු සහල්, ලොකු ලූනු, අල, පරිප්පු,සැමන්,රතු සීනි, පාං පිටි, සමපෝෂ ,සෝයා ඇතුළත්ව කිලෝ ග්‍රෑම් 15-17 අතර බඩු මල්ලක් අප ලබා දෙනවා යැයි අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටැක්ස් ගෙවන මධ්‍යම පාන්තිකයා කපෝති. මේ කඩප්පුලි අස්වැසුම්, සහන මලු තමයි රට විනාශ කරන්නේ. පරණ අයගේ පාරේ ගිහින් මධ්‍යම පාන්තිකයා අමාරුවේ දානවා.
දැන් මිනිස්සු දන්නවා ඕවා ඡන්ද අල්ලස් කියලා. කවුරු කවුරුත් බඩුමල්ල ගන්න. වැඩ බැරි පචයො ටිකකට ඡන්දය දෙනවද කියලා ඡන්දෙ දවසට තීරණය කරන්න.
හැම ආණ්ඩුවම කළෙත්, මේ පචමෝරු ටික කරන්නෙත් එකම දේයි. සහන මලූ දී රටක් දියුණු කළ හැකි නම් අපි දැන් දියුණු වී අවසන්ය. ඔළුවෙන් හිටගෙන ආණ්ඩුව ගැන අතිශයෝක්ති ගායනා කරන උණ රෝගීන්ට නම් මේවා මරු වැඩයි.
කාටහරි කමක් නෑ. නැති මිනිහා අමාරුවෙන් ගේම ගහන්නේ.
රුපියල් කෝටි 400ක වියදමක් කරලා නිකන් කන්න දෙනවා, මේක ඡන්ද ගුන්ඩුවක් නෙවෙයිද?