IMG-LOGO

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති

(සුජිත් හේවාජුලිගේ)

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මින් බොහෝ පිරිසක් විදේශගතව ඇතැයි පැවසෙන්නේ අවුරුදු නිවාඩුව ගත කිරීම සඳහාය.

හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මෙසේ විදේශගතව සිටින මැති ඇමතිවරුන්ගෙන් කිහිප දෙනෙකි.

සමහර මන්ත්‍රීවරුන් විදේශයන්හි අධ්‍යාපනය ලබන සිය දූ දරුවන් දැක බලා ගැනීම මෙසේ ගොස් සිටින බව පැවසේ.

පාර්ලිමේන්තුව ඉකුත් 3 වැනිදා අවසන් වරට රැස්වීමෙන් පසු ලබන 24 වැනිදා දක්වා කල්තැබිණ. මේ අනුව සති තුනකට ආසන්න කාලයක් මන්ත්‍රීවරුන්ට නිවාඩු ලැබී ඇත.

මේ අතර මන්ත්‍රීවරු තවත් පිරිසක් අවුරුදු නිවාඩුව ගත කිරීම සඳහා නුවරඑළියට ගොස් සිටිති.

 



අදහස් (12)

අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති

පිටරටවැසියා Tuesday, 16 April 2024 10:34 PM

අවුරුදු කන්න මැති-ඇමැතිවරු පිටරට, එහෙමත් නැත්නම් උඩරට ප්‍රභූ බංගලාවල, සමහරක් විදේශයන්හි අධ්‍යාපනය ලබන සිය දූ දරුවන් දැක බලා ගැනීම ගිහිං, පවුල් පිටිං ආතල් ගන්නවා...හැබැයි පක්ෂ-පාට කරේ තියං මෙතන ඩිස්ලයික් දාන කට්ටියගෙ හෝ මැතිවරණ රැස්වීම් වලට රංචු පිටිං යන කට්ටියගෙ පවුල් වලට දියවන්නාවේ ඉන්න කට්ටියට තියෙන ආර්ථික, මානසික, අධ්‍යපනික සමෘධිය-සව්භාග්‍ය තියෙනවද කියල පොඩ්ඩක් ඔය ටිකිරි මොළෙන් කරුණාකරලා හිතල බලන්න....

:       0       15

විපරමා Tuesday, 16 April 2024 11:49 PM

රටම හොරාකාලා ගසාකාපු සල්ලී වියදම් කරන්ඩ සවාරි ගහන්ඩ ගිහින් ?

:       1       15

Perera Wednesday, 17 April 2024 01:53 AM

මේ අයගේ නම් දාන්නකෝ .ගිය රටවල් එක්ක අපිටත් ඒ අයට චන්දෙ දීලා ඒ රටවල් වලට යන්න

:       1       12

Lusena Wednesday, 17 April 2024 06:54 AM

ලංකාවේ මුන්ට චන්දෙ දුන්න මෝඩයොත් එක්ක උන්ට අවුරුදු සමරන්න ලැජ්ජා අzති

:       1       15

Lalla Wednesday, 17 April 2024 07:22 AM

විදේශ විනිමය ඒ මන්ත්‍රීල උපයන්න ඇති.. අනේ වාසනාවන්...වැඩි වැඩියෙන් සංචාරය කර ඒ රටවල මහජන නියෝජිතයන්ගේ හැසිරීම අනුගමනය කිරීම ඉගෙනගත්තනම් කොතරම් හොඳද!!!

:       1       11

චන්දන Wednesday, 17 April 2024 07:41 AM

ඔන්න ලයිස්තුව බලාගන්න . ආයෙ පාර්ලිමේන්තුව ට එවන්න එපා . අපේ බදු සල්ලි වලට වෙන්නෙ ඕක . අපිට කොළඹ යන්න සල්ලි නැහැ .

:       1       12

Nimal Wednesday, 17 April 2024 08:06 AM

ඕක උන්ගේ අන්තිම රට අවුරුදු නිවාඩුව

:       2       12

දොංද - සිමං ද Wednesday, 17 April 2024 09:06 AM

ඇයි මේ රටේ ඉහළම තැන් වල තොරතුරු වලට පමණක් සීමාවෙලා කෙරුමෙක් වගේ ලියන මේ පුස්සා පොඩි එවුන්ගේ අසම්පූර්ණ තොරතුරු වලට පමණක් සීමාකරන්නෙ.

:       0       9

JayasekaraWednesday, 17 April 2024 09:42 AM

අන්දර දෙමළා

:       0       5

fairoos Wednesday, 17 April 2024 12:16 PM

කාලකණ්ණින්ට සැප...

:       0       5

Name:asoka perera Wednesday, 17 April 2024 12:56 PM

ඩොලර් හම්බ කරන්න අය පිටරට දුක් විඳිනවා... හොර හැත්ත සවාරි ගිහින් ඩොලර් වියදම් කරනවා.

:       0       4

nihal Wednesday, 17 April 2024 11:01 PM

අවජාතකයෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මහින්දානන්ද නඩුවකින් නිදොස් කොට නිදහස්
2024 අප්‍රේල් මස 30 16 0

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහා


මැයි රැලියට සියල්ල සූදානමින්
2024 අප්‍රේල් මස 30 79 0

ලෝක කම්කරු දිනය සමරමින් ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ මෙවර මැයි දිනය හෙට (1) උත්කර්ෂවත් අයුරින් සැමරීම සඳහා සූදානම් වෙයි.


යාපනයේ නව දේශපාලන පක්ෂයක්
2024 අප්‍රේල් මස 30 14 0

එක්සත් ජනතා පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් යාපනයේදී අද( 30 )නිල වශයෙන් ඇරැඹිණි.


ගෝඨාභයට එදා මං විරුද්ධ වුණා
2024 අප්‍රේල් මස 30 473 5

රට අද මුහුණ පා සිටින අර්බුදයෙන් ගොඩගත හැක්කේ අත්දැකීම් ඇති පරිණත නායකයෙකුට පමණක් බැවින් අත්දැකීම් නොමැති අලුත් අයට රට භාර දෙන්න හිතන්නවත් එපා යැයි නා


අකුණු සැරින් අයියා නගෝ මරුට
2024 අප්‍රේල් මස 30 884 0

මාතලේ රත්තොට දන්කන්ද වැල්ගාලායාය ප්‍රදේශයේ නිවෙසකට අකුණු සැර වැදීමේන් අවුරුදු 12ක පාසල් සිසුවියක හා වයස අවුරුදු 23 තරුණයකු අකුණු සැර වැදීමෙන් මියගොස්


සී.අයි.ඩී.ය කියා කෝටියක් අල්ලස් ගත් හතරක් කොටුවෙති
2024 අප්‍රේල් මස 30 519 0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියක මුදලක් අල්ලස් වශයෙන් ගත් බව කියන සැසැකකාරියක් ඇතුළු සැකකරුවෝ සිව් දෙනෙක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 399 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1796 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1622 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site