IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අවිස්සාවේල්ලේ වෙඩි තැබීමක්

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මුහුණ වැසෙන සේ ලෝගුවකින්  සැරසී පැමිණ අවිස්සාවේල්ල වැවිල කටුවාවිල නිවසක තනිව සිටි වයෝවෘධ කතක් බියකර රුපියල් 50,000ක කප්පම් මුදලක් ලබා ගැනීමට උත්සාහ දැරූ නාඳුනන පුද්ගලයකු  සිදු කළ වෙඩි තැබීමකින් එම කාන්තාව බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය කියයි 

සිද්ධියෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ සමරසිංහ ආරච්චිගේ පත්මාවතී නැමැති 66 හැවිරිදි දෙදරු මවකි

නිවස ඉදිරිපිට ඊයේ (20) රාත්‍රී 8ට පමණ පැමිණි නාඳුනන  පුද්ගලයා  අඩි තුන හතරක් පමණ දිගැති ගිනි අවියක් එල්ල කර  වයෝවෘද්ධ කාන්තාවට දොර අරින ලෙස තර්ජනය කර ඇති අතර එලෙස  කෑගසන පුද්ගලයා කවුදැයි සොයා බැලීම සඳහා ඇය ජනේලයෙන් පිටත බැලීමේදී එම පුද්ගලයා දැක ඇතැයි පොලිසිය කියයි

රුපියල් පනස්දාහක් දෙන්න බැරිනම් 20000 දීපන් යනුවෙන් එම පුද්ගලයා දොරට පහර දීමේදී එය විවෘත වේ යැයි බියෙන් දොර අසලට ගොස් එය තදකරගෙන අල්ලා සිටීමේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි පොලිසිය කියයි

අනතුරුව එම කාන්තාව තම ඥාතියෙකු ට දුරකථනයෙන් මේ බව පැවසීමෙන් අනතුරුව ඔවුන් පැමිණ ඇයව හොරණ  මූලික රෝහල වෙත ඇතුලත් කර තිබූ බව පොලිසිය කියයි

වෙඩි  ප්‍රහාරය ඇයගේ උදරයේ වම් පැත්තට එල්ල වී ඇති අතර ශල්‍යකර්මයකට ද ලක් කිරීමට පියවර ගන්නා බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය

අවිස්සාවේල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි

 



අදහස් (2)

අවිස්සාවේල්ලේ වෙඩි තැබීමක්

පිටිගල මිලානෝ Tuesday, 21 February 2023 12:28 PM

චිකාගෝ ඩයරීස්…..

:       0       4

thilak Tuesday, 21 February 2023 06:47 PM

අද පොලිසිය පැමිණෙන විට බොහෝ අපරාධ සිදුවී හමාරයි. තමන්ගේ ආත්මාරක්ෂාව සඳහා ගිනි අවි ළඟ තබා ගැනීමට අවසර දිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site