(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
හුදෙකලාව දිවි ගෙවූ වයස අවුරුදු 60 ඉක්ම වූ අවිවාහක කාන්තාවකගේ නරක් වූ මළ සිරුර අද ( 23) කටුවකැලේ නිවසක තිබී සොයා ගත් බව මිරිගම පොලිසිය කියයි .
මෙසේ මිය ගොස් ඇත්තේ අඹේපුස්ස කටුවකැලේ පදිංචිව සිටි වර්ණකුලසූරිය මුදියන්සේලාගේ පද්මා ශාන්ති නැමැති කාන්තාවකගේ බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි .
මෙම කාන්තාව දින ගණනාවකට පෙර මරණයට පත්වී ඇති බවට පොලිසිය සැක පහළ කරන අතර මේ වෙන විට සිරුර බෙහෙවින්ම නරක් වී දුර්ගන්ධය පැතිරෙමින් පවතින බවද පොලිසිය සඳහන් කරයි .
දුර්ගන්ධයක් පැතිරයාම පැතිර යාම සම්බන්ධයෙන් සිදු කෙරුණු සොයා බැලීමකින් පසු මෙම මළ සිරුර සොයා ගැනීමට හැකිවී ඇත.
මෙම මරණය සිදුව ඇති ස්වභාවික හේතුන් මතද නැතහොත් කිසියම් අපරාධකාරී ක්‍රියාවක් දැයි අනාවරණය කර ගැනීමට පරීක්ෂණ පවත්වන බව පොලිසිය සඳහන් කරයි.
අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීමට පොලිසිය ඊයේ 29 සවස කටයුතු යොදා තිබිණි .
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අවිවාහක කතකගේ නරක් වූ සිරුර නිවසකින් හමුවෙයි