IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අව්වෙන් සමට වන පීඩා මඟ හරවා ගනිමු

මේ දිනවලදී අපේ රටට දැඩි උෂ්ණාධික තත්ත්වයක් දැනේ. මේ දැඩි රස්න ගතිය ඉදිරි මාසයේදීත් මෙපරිදිම දැනෙනු ඇත. සිරුරට වුණත් දරාගත හැකි උෂ්ණත්ව මට්ටමක් පවතින අතර රස්නය අධික වූ විට සිරුර රෝගී වීමට පටන් ගැනේ. ඒ අධික රස්නයට සිරුර ඔරොත්තු නොදීම නිසාවෙනි. එසේනම් ඒ සඳහා සිරුර බාහිරෙන් මෙන්ම අභ්‍යන්තරයෙන්ද රැක ගැනීමට අපි ක්‍රියා කළ යුත්තෙමු. අධික රස්නය හමුවේ අපේ සිරුර රෝගී වීමට ඉඩ නොතබා පවත්වා ගෙන යන අයුරු ගැන අද කතා කරමු.

ඔබ දවසින් වැඩි හරියක්ම මහමඟ ඉන්නා කෙනකු නම් අව්වට නිරාවරණය වීමට ප්‍රථම තෙතමනය රකින හොඳ වර්ගයේ ආලේපනයක් හෝ සන්ක්‍රීම් භාවිත කරන්න.

හැකිතාක් කපු ඇඳුම් අඳින්න.

මේ කාලයේදී දහදිය පිටවීම වැඩි නිසා දහදිය මනාව උරා ගන්නා ඇඳුමක් ඇඳීමෙන් ඔබට වඩා පහසුවක් දැනේ. ඒ වගේම හිරු කිරණෙන් පීඩාවට පත්වීම වැලැක්වීමට අතපය හොඳින් වැසෙන සේ ඇඳුම් තෝරා ගැනීමටත් වගබලා ගන්න.

කුඩයක් හෝ තොප්පියක්, අව් කණ්ණාඩියක් රැගෙන යාමත් සුදුසුය.

වතුර බෝතලයක් ළඟ තබා ගන්න. හැකිතාක් පිරිසුදු ජලයම පානය කරන්න.

දැඩි උණුසුම හමුවේ සිරුර ලබා දෙන ඉඟි තේරුම් ගන්න.

ඔබ නිතර දෙවේලේ අව්වට නිරාවරණය වන කෙනකු නම් ඇඟේ දැඩි වෙහෙස ගතියක්, කලන්තය වගේ සිරුරේ යම් වෙනසක් දැනේ නම් හැකි ඉක්මනින් හෙවන තැනකට ගොස් විවේක ගත යුතුය. මේ ලක්ෂණත් සමඟ ස්වසන අපහසුතාවක් මතුවේ නම් නොපමාව වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.

මේ කාලයේදී අපි වැඩි අවධානයක් අපේ සම කෙරෙහි ලබා දිය යුතුය. තවද හොඳින් ජලය පානය කිරීමෙන් ,සමෙහි තෙතමනය ආරක්ෂා වේ. සම වියැළීමෙන් ආරක්ෂා වේ. සමට තෙතමනය ලබා දෙන ස්වාභාවික පාන වර්ග වුවද මේ කාලයේදි පානය කළ හැකි නම් ඔබට සම සම්බන්ධ පීඩා රැසකින්ම මිදිය හැකිවේ.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

අව්වෙන් සමට වන පීඩා මඟ හරවා ගනිමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site