IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අවුරුදු මැරතන් තරගයෙන් සිසුවා මරුට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

සිංහල අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් සංවිධානය කර තිබූ ගම හරහා දිවීමේ (මැරතන්) ධාවන තරගයට සහභාගී වී සිටි දාහත් හැවිරිදි ක්‍රීඩකයකු අද 21 වැනිදා හදිසියේ රෝගාතුර වී ඇද වැටී මිය ගිය බව ගිරිඋල්ල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වෑතෑව අමරගොඩ ප්‍රදේශයේ අධිකාරී මුදියන්සේලාගේ රවිදු ඩිල්ෂාන් අධිකාරී නමැති පාසල් සිසුවෙකි.

ඔහු ලබන මාසයේ පැවැත්වීමට නියමිත අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම් වී සිටි සිසුවෙකි.

වැත්තෑව ප්‍රජා ශාලාව අසලින් ඊයේ උදෑසන ආරම්භ වූ මෙම මැරතන් ධාවන තරගයට සහභාගී වූ මෙම සිසුවා එම තරගය අවසන් කිරීමට මීටර් 500ක පමණ දුරක් තිබියදී මාර්ගයේ ඇද වැටී අසල තිබූ කාණුවකට පෙරළී ගිය බව අවුරුදු උත්සවය නැරඹීමට ගොස් සිටි කිහිප දෙනකු පැවැසූ අතර දිව යන විට කලාන්තය සෑදී ඇද වැටෙන්නට ඇතැයි පැවසේ.

එම තරගය පැවැත්වෙන අවස්ථාවේ ප්‍රදේශයේ අධික අව් රශ්මියක් තිබුණු බව ද කියති.

 



අදහස් (3)

අවුරුදු මැරතන් තරගයෙන් සිසුවා මරුට

ලුම්බිණි Monday, 22 April 2024 07:22 AM

මේ වගේ රස්නයක් තියෙන දවස් වල මෙවැනි තරඟ තියන සංවිධායකයන්ට දඬුවම් පැමිණවිය යුතයි.

:       0       7

Perera Monday, 22 April 2024 10:04 AM

මෝඩකම නිසා වෙන මරුණ මේවා.

:       0       5

fairoos Monday, 22 April 2024 11:53 AM

ඉතාම කණගාටුයි

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 432 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 238 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site