IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අවුරුදු නවයේ දරුවා දුම්රියට බිලි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

විනෝදයට පාපැදියක් පදිමින් සිටි 9 හැවිරිදි දරුවකු මොරටුව මුරවත්ත දුම්රිය හරස් මාර්ගය අසලදී දුම්රියක ගැටී මිය ගොස් ඇතැයි මොරටුව මූලස්ථාන පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ මොරටුව මොරටුවැල්ල ක්ලෝවියස් මාවතේ  පදිංචිව සිටි මොරටුව ජන ජය විදුහලේ සිව්වන වසරේ ඉගෙනුම ලබමින් සිටි එම් ආර් රන්තරු නමැති දරුවාය.

මියගිය දරුවා අලුත් ගාලු පාරේ සිට පාපැදිය පදවාගෙන යමින් සිටියදී දුම්රිය ධාවනය කිරීමට නියමිතව තිබි ඇති බැවින් දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටු වසා දමා තිබී ඇති අතර දරුවා දුම්රිය මාර්ගය අසල පාපැදිය නවතාගෙන සිට ඇතැයි පොලිසිය කියයි.

එම අවස්ථාවේදී කොළඹ සිට ගාල්ල දෙසට ගමන් ගන්නා දුම්රිය ගමන් කර ඇති අතර හරස් ගේට්ටු විවෘත කිරීමට පෙර දරුවා සිය පාපැදිය දුම්රිය මාර්ගය හරහා පදවා ඇතැයි පොලිසිය කියයි.

එම අවස්ථාවේදී ක්ෂණයකින් බෙලිඅත්ත සිට නුවර බලා ගමන් ගන්නා දුම්රිය ද අනෙක් දුම්රිය මාර්ගය ඔස්සේ දුම්රිය මාර්ගය හරහා ධාවනය කිරීමේදී දුම්රිය හරස් මාර්ගය හරහා දරුවා ගමන් ගත් පාපැදියේ ගැටීමත් සමගම දරුවා මීටර් 13 ක් පමණ ඈතට විසි වීමත් සමගම දුම්රියද ඒ අසන්නේ නතර කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 



අදහස් (1)

අවුරුදු නවයේ දරුවා දුම්රියට බිලි

D P Liyanage Wednesday, 10 April 2024 06:11 PM

ගොඩක් දුකයි. ඔහු සිතන්නට ඇත්තේ එක් දුම්රියක් (ගාල්ල පැත්තට) ධාවනය වන බව මිස කොළඹ බලා යන දුම්රිය ගැන නොසිතන්නට ඇත. සුපරීක්ෂාකාරී වීම වඩා වැදගත්ය. එය අකල් මරණයක් විය. පරම නිවන් සුඛයට පත් වේවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site