IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට

(අංජුල මහික වීරරත්න)

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම  ජනාධිපති කාර්යාලයේ දී අද(10) සිදු විය. 

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නැකැත් කමිටුව විසින් සකස් කරන ලද නිවැරදි නැකැත් සීට්ටුව මෙලෙස ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය. 

චිරාගත පිළිවෙත් අනුව අඬබෙරකරු සමඟ පැමිණි නැකැත්කරු රැගෙන ආ නැකැත් සීට්ටුව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, ලිප ගිනි දැල්වීම, ආහාර අනුභවය, හිසතෙල් ගෑම සහ නව වසරේ රැකියා සඳහා පිටත්ව යාම ආදී සුබ මුහුර්තයන් නැකත් සීට්ටුවට ඇතුළත්ය.



අදහස් (10)

අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට

Nimal Wednesday, 10 April 2024 03:07 PM

බොරු කාරයින්ගෙන් තවත් ලොකු කෙනෙක්ට වැදගැම්මකට නැති සීට්ටුවක්...

:       2       9

විජිත් Wednesday, 10 April 2024 05:58 PM

"ලොකු කෙනෙකුට" කෑල්ල අයින්කරලා " වැදගත්කමක් නැති එකෙකුට " කියලා දැම්මා නම් කොමෙන්ට් එකේ වටිනාකම කියා නිමකරන්න බැහැ.

:       0       0

බද්රානි Wednesday, 10 April 2024 04:03 PM

බලාගෙන ගියාම අපේ රටේ නායකයෝ සංස්කෘතිය කියල හඳුනාගෙන තියෙන්නේ, මිත්‍යා දෘෂ්ටිය නේ ... හැබැයි මේ පුහු දේවල් ඉහලින්ම පිළිපදින අය හිතාගෙන ඉන්නවා ඔවුන් බුද්ධිමතුන්, අනෙක් අය මිත්‍යා දෘෂ්ටිකයින් කියලා... එක අතකට මෙහෙම ජනතාවක් හා පාලකයින් සිටින රටක් මේ විදිහට වත් ඉතුරුවෙලා තියන එකත් ලොකු දෙයක්...

:       11       10

සුනන්දාWednesday, 10 April 2024 06:48 PM

භද්‍රානි නෝනේ සංස්කෘතිය කියලා හඳුනාගෙන තියෙන්නේ මිත්‍යාදෘෂ්ඨියක් වෙන්න පුළුවන්... ඒත් නෝනේ ලෝකයේ කිසිම රටක එකම වේලාවට ලිප ගිනි දල්වා ආහාර පිස තවත් නියමිත වෙලාවක එකම දිසාවකට හැරී ආහාර අනුභව කරනවා කියන්නේ වැදගත් චාරිත්‍රයක් නොවෙයිද? සාමාන්‍යයෙන් අපේ මුස්ලිම් ජනතාව එකමුතුව එක භාජනයේ එක්ව ආහාර අනුභව කරනවා... එයින් ඔවුන්ගේ සමගිය පෙන්වනවා වගේ අපෙත් යම් එකමුතුවක්, අන්න්‍යතාවක් අවුරුදු චාරිත්‍ර හරහා සිදුවෙනවා... කියලා තේරුම් ගන්න හැකියාවක් නැද්ද?

:       0       0

රාලහාමි Wednesday, 10 April 2024 04:06 PM

අපි අවුරුදු පටන්ගන්නේ උදේ නැකතට. උදේ නැකත රටේ පාලකයාට මාරකයි ලු . උදේ නැකතගමු

:       8       15

ChandaniWednesday, 10 April 2024 05:26 PM

මුළු ශ්‍රී ලංකාවම උදේ නැකතට !!!

:       3       8

විජිත් Wednesday, 10 April 2024 06:05 PM

හිතවත්, ඒ වගේම ඉතාමත් නිහතමානි ඩිලන්තට මගෙනුත් සුබපැතුම් !!! ෆොටෝ එකේ ඉන්න අපේ ගමේ අලුත් SSP එරික් පෙරේරා මහත්මයාටත් සුබපැතුම් නව පත්වීමට. අපි කුඩාකළ තිබුණ වාසනාවන්ත මීගමුව නැවතත් අපිට ලබාදෙන්න එතුමාට දිරිය, ශක්තිය ලැබේවා...!

:       0       0

ගමේ එකාලා Wednesday, 10 April 2024 06:25 PM

පින් ජනපතියා නැකතට වැඩ අල්ලන හැටි බලාගන්න බැරියැ. අන්තිමට නැකැත් පත...?

:       0       0

ගමරාළ Wednesday, 10 April 2024 07:43 PM

රාළහාමි හා චන්දානි කියනවා උදේ නැකත රටේ පාලකයාට මාරක නිසා උදේ නැකත ගන්නවා කියලා එහෙම කළාම අනුන්ට කළදේ තමන්ට ඵලදෙන්න පුළුවන් කියලා මතක් කරනවා. ඒත් එහෙම කරන්න ගියාම 13 දින සවස 2.41ට පෙර ආහාර අනුභව කළා නම් ඊළඟ ආහාරවේල ගන්න වෙන්නේ හරියටම පැය 16 කුත් විනාඩි 39 කට පස්සේ තමයි... එතරම් වෙලාවක් කෙනෙකුගෙන් පළිගැනීමට අඩුම තරමින් වතුරවත් නැතුව අසනීපයක් හදා නොගෙන ඉන්න පුළුවන් නම් හොඳයි.. එහෙම කියලා රසකැවිලි කකා ටී හෝ ප්ලේන්ටි බොන්න අයිතියක් නැහැ. එහෙම කියලා කුඩා දරුවන්ට එතරම් වෙලාවක් කුසගින්නේ ඉන්න පුළුවන් වෙයිද? සීතල රාත්‍රියේ නැකතට අනුභව කරන්න කියලා මතක් කරනවා...

:       0       0

චාන්දනී Thursday, 11 April 2024 04:27 AM

අවුරුදු නැකත ජනාධිපතිතුමාට භාද දුන්නා මෙතෙක් කලක් නම් එතුමා අවුරුදු චාරිත්‍ර කරනවා දැකලම නැහැ. ඒත් මෙවර අවුරුදු දවසේ වත් රූපවාහිනී පුවත් මගින් එතුමා අවුරුදු චාරිත්‍ර කරන ආකාරය බලමු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ලස්සන රටක් හදන්න එක්ව පොර බදමු
2025 මැයි මස 01 0 0

“ලස්සන ජීවිතයක් සහ පොහොසත් රටක්” නිර්මාණය කිරීමට සහෝදරත්වයෙන් එක්ව පොර බැඳීමට මෙරට ආදරණීය වැඩකරන ජනතාවට ආරාධනා කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා කම


අද කාලගුණය
2025 මැයි මස 01 37 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ ටිල්වින් හමු වෙති
2025 මැයි මස 01 227 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ විශේෂ නියෝජිතයෝ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද හමු වූහ.


රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධරයා කන්කසන්තුරයට මාරු කරයි
2025 මැයි මස 01 1452 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරය පොලි


හිටපු ජනපතීන්ගේ තව තටු කැපේ
2025 මැයි මස 01 1180 0

හිටපු ජනාධිපතිවරුන්ට මෙතෙක් ලබා දී තිබූ දුරකතන හතරෙන් තුනක්ම ඉවත් කර ඇත. මේ අනුව හිටපු ජනාධිපතිවරයකුට දැනට හිමිවන්නේ එක් දුරකථනයක් පමණි.


ඉන්ධන මිල පහළට
2025 අප්‍රේල් මස 30 1828 0

පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 288 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 79 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1107 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site