IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අවුරුදු නැකතට පුවක් පැළ ලක්ෂ 15ක්

(අංජුල මහික වීරරත්න)

පුවක් පැළ ලක්ෂ 15 ක් රට පුරා රෝපණය කිරීමේ වැඩසටහන ජාතික රුක් රෝපණ නැකතට අරඹන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවට අනුව යෙදෙන අවසන් නැකත වන “පැළ සිටුවීමේ නැකත” හෙට (18) දිනට යෙදී තිබේ. පෙරවරු 10.16ට දකුණු දිශාව බලා රන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී පැළ සිටුවන ලෙස ජාතික නැකත් සීට්ටුවේ සඳහන් වී ඇත.

ඒ අනුව නැකතට පැලයක් සිටුවීමේ ජාතික උත්සවය කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේදී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන්  සිදු කෙරේ. 

ඒ අනුව වැවිලි බෝගයක් ලෙස පුවක් පැළ ලක්ෂ  15 ක් රෝපණය කිරීමේ වැඩසටහන, තේ වතුවල පාලු සිටුවීම සඳහා තේ පැල ලක්ෂ 10ක් ලබාදීම, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් තේ වතු වගා ලක්ෂයක් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් තේ වතු වගා 30000ක වගා ඇරැඹීමට නියමිතය.

එමෙන්ම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් කුරුඳු, ගම්මිරිස්, ආදී කුළුබඩු පැල වර්ග ද, පොල් වගා කිරීමේ මණ්ඩලය සහ පොල් සංවර්ධන අධිකාරිය මගින් පොල් පැල 50,000ක් රෝපණය කිරීමේ වැඩසටහන ද අරඹයි.



අදහස් (4)

අවුරුදු නැකතට පුවක් පැළ ලක්ෂ 15ක්

saman Wednesday, 17 April 2024 01:14 PM

පුවක් ශරීරයට අහිතකරයි එක දන්නේ නැති මැට්ටන් ඉන්නේ ලංකාවේ.

:       7       0

පාඨකයෙක් Wednesday, 17 April 2024 02:07 PM

ලෝක සෞඛ්‍ය සංවිධානය පුවක් පිළිකා කාරකයක් බව ප්‍රකාශ කර ඇත. එමෙන් ම තායිලන්ත රජය පුවක් වගා කිරීම තහනම් කළ බව කලකට පෙර විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබුණි.

:       0       1

janakaThursday, 18 April 2024 12:05 PM

මේ කුරුටු පුවක් නේ

:       0       0

මෝඩ ගොවියා Thursday, 18 April 2024 11:03 AM

පුවක් රිලවුන්ට ආහාර සඳහා නිසා මිනිසුන්ට හානියක් නෑ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site