IMG-LOGO

’’අවුරුදු දීමනාව පොලිස් ලොක්කන්ට නෑ’’

(ඉන්දිකා  රාමනායක)

සිංහල අලුත් අවුරුද්ද නිමිත්තෙන් ලබා දෙන උත්සව අත්තිකාරම් මුදල මෙවර පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ සිට ඉහළ නිලධාරීන්ට ලබා නොදීමට පොලිස්පති වරයා පියවර  ගෙන ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

උප පොලිස් පරීක්ෂකවරුන්ට සහ එම නිලයෙන් පහල සියලුම  නිලධාරීන්ට පමණ ලබා දීමට පියවර ගෙන ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම හේතුව නිසා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකවරන් ඇතුළු ඉහළ නිලධාරීන් 7000 ට ආසන්න පිරිසක්  දැඩි කණස්සල්ලෙන් පසුවන බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 

මෙවර උත්සව අත්තිකාරම් මුදල් ඉල්ලා සිටී සියලුම උසස්   නිලධාරීන්ගේ නම් කපා දමා   ඔවුනට  මේ බව දැනුම් දී ඇතැයිද පොලිස් ආරංචි මාර්ග පවසයි.

උත්සව අත්තිකාරම් මුදල් හිමි උප  පොලිස් පරීක්ෂකවරුන් ඇතුළු ඉන්  පහළ නිලධාරීන්ට  පෙරේදා (6) සිට  එම ගෙවීම් සිදුකරන බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.



අදහස් (2)

’’අවුරුදු දීමනාව පොලිස් ලොක්කන්ට නෑ’’

mn Friday, 07 April 2023 03:25 PM

ආ ආ… අවුලක් නෑ. ඒ කට්ටිය එක පාරෙන් හොයගනියි....

:       0       8

Lakmali Friday, 07 April 2023 06:47 PM

පොලිසියේ කාටවත් දෙන්න එපා, ඔවුන් පගාව ගහලා පඩියට වැඩියෙන් සල්ලි හොයනවා.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 201 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 705 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1110 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site