IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


අවුරුදු දෙකහමාරේ පුතාත් රැගෙන මව අයි.ඩී.එච්. රෝහලෙන් පළායයි

(නිමන්ති රණසිංහ)

කොළඹ අයි.ඩී.එච් මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඇහැලියගොඩ පදිංචිව සිටි ආසාදිත මවක, ඇගේ අවුරුදු දෙකහමාරක පමණ වයසැති ආසාදිත පුතු ද  සමඟ මෙලෙස පලා ගොස් ඇත.

ආසාදිත මව ඇහැලියගොඩ පිහිටි ඇගේ නිවසට ගොස්, දරුවා නිවැසියන්ට භාර දී පලා ගොස් ඇති බවද, මේ වනවිට එම නිවාසේ සාමාජිකයන් නිරෝධායනයට යොමු කර ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඊයේ(19) රාත්‍රියේ මොවුන් පලා ගොස් ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

පලා ගිය ආසාදිත කාන්තාව සොයාගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (2)

අවුරුදු දෙකහමාරේ පුතාත් රැගෙන මව අයි.ඩී.එච්. රෝහලෙන් පළායයි

duminda Friday, 20 November 2020 04:27 AM

දැන් පැනලා ගිය කෙනා අල්ලගෙන හිරේ දාලා ප්‍රශ්න විසඳන්නේ නැහැ. කොරෝනා එක්ක මිනිස්සු හංගන් හිටපු සමාජ ප්‍රශ්න ගොඩක් එළියට ආවා. සමහර අයට ඒවාට මුහුණ දෙන්න බැහැ. මේ තත්වය දිහා මානුෂීයව බලන්න ඕනේ.

:       0       0

චමින්ද Saturday, 21 November 2020 01:57 AM

රෝහලේ සිටින්නේ අසාධ්‍ය රෝගයකට ලක්වූ අයනම් මොවුන්ට පිටවීමට ඇති අවස්ථා නැතිකල යුතුය. ඒ සඳහා පිටිවීම් පරීක්ෂා කරන ක්‍රමයක් ඇතිකළ යුතුයි. මේ හැර මෙම කාන්තාව සෙනසුරාදා වනතුරුත් සොයාගෙන නැත. මේ නිසා මැයගේ ඡායාරූපයක් මාධ්‍ය මගින් පලකිරීමත් ඇහැලියගොඩ ඉඩංගොඩ හැර මෙම මිනිසුන් සිටින දුර බැහැර ප්‍රදේශ පරීක්ෂා කිරීමත් අත්අඩංගුවට ගැනීමට පහසුවක් වේවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පොඩි ලැසීගේ නැන්දනියගේ සේප්පුවෙන් රන් කිලෝ එකක්
2025 මැයි මස 01 3274 2

ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය


උපදේශන සමාගමක එම්.ජී. ගිනි අවි සමග මාට්ටු
2025 මැයි මස 01 1130 0

උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට


පොහොට්ටු මන්ත්‍රි කසිප්පු සමග මාට්ටු
2025 මැයි මස 01 1162 2

ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි


ගිය මැයි රැළියේදී අනුර කියූ අනාවැකිය හරි යයි
2025 මැයි මස 01 1511 0

2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 990 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා


සරසවි සිසුවාගේ මරණය ගැන සොයන්න කමිටුවක්
2025 මැයි මස 01 599 0

සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 392 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 101 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1127 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site