ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ගැබිනි කාන්තාවක නිවුන්නු දරුවන් බිහි කළ අතර, දරු දෙදෙනා උපන් දිනය වසර දෙකකට යෙදීම සුවිශේෂී සිදුවීමක් විය.
නිවුන දරු දෙදෙනා පුතකු සහ දියණියකි. ඇල්ෆර්ඩෝ අන්තෝනියෝ ටෘජිලෝ නමැති ඔහු උපන්නේ 2021 වසර අවසන් වෙද්දී දෙසැම්බර් 31 වැනිදා රාත්‍රී 11.45 ටය.
දියණිය අයිලීන් යොලන්ඩා උපන්නේ, මැදියම් රැයේ දී එනම් 2022 නව වසර උදා වෙද්දී ජනවාරි පළමු වැනිදාය.
නිවුන් දරු දෙදෙනාගේ උපන් වසර වෙනස් වන්නේ ඒ අනුවය.
දරු දෙදෙනාගේ මව ෆාතිමා මැඩ්රිගාල් පවසන්නේ තම සිඟිත්තන් දෙදෙනාගේ උපන් දිනය අවුරුදු දෙකකට යෙදීම පුදුමයට කරුණක් බවය.
ඇගේ දියණිය 2022 වසර උදා වෙද්දී ඇමෙරිකාවේ රෝහලක උපත ලැබූ පළමු දරුවා ද වෙයි. ඒ ගැන ද තමන් අතිශය සතුටු වන බව ෆාතිමා පවසා තිබේ.
(බීබීසී)
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
අවුරුදු දෙකක උපන් නිවුන්නු
SUNIL MILANO Wednesday, 05 January 2022 02:41 PM
බුදුසරණයි පුතේ නුඹලාට...