(අංජුල මහික වීරරත්න)
වසර තුනක් ඇතුළතදී දිවයින පුරා ඉදිකිරීම් ආරම්භ කළ නිවාස 37179 අතරින් නිවාස 29034ක ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම නිම කර ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.
තවත් නිවාස 8145 ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව ඇති බවද එම අධිකාරිය කියයි. මෙම නිවාස ව්‍යාපෘති පසුගිය 2020 වසරේ සිට 2023 දක්වා වසර තුනක දී ඇරැඹූ ඒවාය.
ඔබට ගෙයක් - රටට හෙටක්, මිහිඳු නිවහන, විරු සුමිතුරු, සෙවණ,සේවාභිමානී ඇතුළු නිවාස ආධාර ව්‍යාපෘති 15ක් යටතේ මෙම නිවාස ඉදිකරනු ලැබ ඇත.
මෙම නිවාස ව්‍යාපෘති සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් රුපියල් මිලියන 18717.771 කි. ජාතික නිවාස අධිකාරිය සඳහන් කරන්නේ එම මුදලින් මේ වනවිට රුපියල් මිලියන 16409.667ක මුදලක් වැයකර ඇති බවයි.
නිවාස ව්‍යාපෘතිය සඳහා මුදල් සපයාගෙන ඇත්තේ මහා භාණ්ඩාගාර අරමුදල්, සෙවණ අරමුදල්, අභ්‍යන්තර උත්පාදන හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කළ විශේෂ ව්‍යාපෘතිවලට අදාළ ලංභාංශ වශයෙන් ලද මුදල් මගිනි.
2025 දෙසැම්බර් මස 18
367
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අවුරුදු තුනකදී ගෙවල් විසිනව දාහක් හදයි