(විමුක්ති එස් රුද්‍රිගු)
සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසල් බින් ෆර්හාන් අල් සවුද් කුමරුගේ ආරාධනයක් මත විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ලබන 23 වැනිදා සිට 27 වැනිදා දක්වා සෞදි අරාබියේ නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිල නිවේදනය නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
නිල සංචාරයේදී සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසල් බින් ෆර්හාන් අල් සවුද් කුමරු සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් එහිදී දෙරට අතර ද්වි පාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීමට අවධානය යොමු කරනු ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.
එසේම ඉස්ලාමීය සංවර්ධන බැංකවේ, ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මුණ ගැසීමට නියමිත බවද එම නිවේදනයේ දැක්වේ.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලි සබ්රි සෞදි අරාබියේ නිල සංචාරයක
Kiri putha Saturday, 21 January 2023 01:54 PM
මෙයා තමයි දැන් රට පාලනය කරන්නේ.
මරික්කාර් Saturday, 21 January 2023 01:59 PM
රටේ තත්ත්වය පැහැදිලි කර දැනට අපි මුහුණ දෙන ආර්ථික ප්‍රශ්නයට විසදුම වසයෙන් අපට් බිලියන 10 ක් ආධාරයක් ඉලුවානම් අනිවාර්යෙන් හම්බුවෙනවා.
kamal Saturday, 21 January 2023 03:27 PM
උගස් තියන්න තියෙන බඩු ලැයිස්තුව අරගෙන යන්න අමතක කරන්න එපා.
Deepal Nirosh Saturday, 21 January 2023 03:45 PM
ඉන්දියාවේ විදේශ ඇමැතිතුමා ලංකාවේ ඇවිල්ලා පළාත් පාලන මැතිවරණය, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය වගේ මාතෘකා ගැන අපටත් උපදෙස් දුන්නා වගේ ඔබතුමාටත් සෞදි ගිහින් ඒ රටේ ගෘහ සේවිකා ප්‍රශ්න, වාර්ගික ප්‍රශ්න ගැන රජතුමා එක්ක කතා කරන්න පුළුවන් වුණොත් ඔබතුමා තමා අපේ සදාකාලික විදේශ ඇමැති...