
(නිමල් ජයරත්න,උපුල් හේරත් සහ සුනිමල් හේවගේ)
මඩකලපුව සිට කොළඹ දක්වා අද අලුයම ධාවනය වූ මීනගයා රාත්‍රී දුම්රියට හබරණ ගල්ඔය දුම්රියපොළ ආසන්නයේ අලි රංචුවක් ගැටීමෙන්, අලි හය දෙනකු මියගොස් ඇති බව හබරණ පොලිසිය කියයි.
වන අලි දෙදෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර වන අලි රංචුව ගැටිමෙන් දුම්රිය එන්ජිමද පීලි පැන ඇති බව, ඒ සම්බන්ධ පරීක්‍ෂණ සිදුකරන හබරණ පොලිසිය සඳහන් කරයි.
දුම්රියේ ගමන් කළ මගීන් කොළඹ සිට පැමිණි වෙනත් දුම්රියකින් කොළඹ බලා රැගෙන යාමට කටයුතු කර ඇති අතර මීනගයා දුම්රිය එන්ජිම පමණක් ඉවත්කර මඩකලපු දෙසට ගමන් කිරීමට කටයුතු සලසා තිබේ.
පීලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට ද අලාභ හානි සිදු වී ඇති අතර ගල්ඔය මඩකලපුව දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරියෙක් සඳහන් කළේය.
එම ස්ථානයට ගල්ඔය පොලිස් මුරපලේ පොලිස් ස්ථානාධිපති ඇතුළු නිළධාරීන් විසින් ආරක්ෂාව සපයා ඇත.


2025 නොවැම්බර් මස 04
835
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2478
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1779
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අලි රංචුවක් දුම්රියක ගැටේ,හයක් මරුට
Akila Thursday, 20 February 2025 06:58 AM
මේකනං ජාතික අපරාදයක් , ලංකාවේ එක අලියෙක් ගේ ජිවිතයක් කොච්චර වටිනවද ? දුම්රිය රියදුරුගේ වැඩ තහනම් කල යුතයි
Asela Thursday, 20 February 2025 07:02 AM
දුම්රිය රියදුරුව වහාම අත්අඩංගුවට ගන්න , හිටපු අලි රංචුව වම මරල දාල !!!
pj Thursday, 20 February 2025 07:24 AM
ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශ අනුව මෙවැනි දේ මාලිමා ආණ්ඩුවක් යටතේ සිදුවිය නොහැකිය...වාර්තාකරැවනුත් බොරැ කීමට පටන් අරන්ද...
ජානක Thursday, 20 February 2025 12:50 PM
ඔය ප්‍රශ්නය කවදාවත් විසඳන්න පුළුවන් වෙන දෙයක් නෙවෙයි. ඒකට ප්‍රධාන හේතුව මේ සතුන්ට සර්වජන ඡන්ද බලය නොමැතිවීම, අනික හැමදාම ඔය විෂයය බාරව කටයුතු කරන්නේ සතුන්, ගහකොළ ගැන කිසිම හැගීමක් නැති අමරවීර, ෆොන්සේකා, ලාල්කාන්ත වගේ මිනිස්සු. හැමදාම සත්තු අසරණයි..