IMG-LOGO

‘අලි -නරි නෑවීමට මම සූදානම් නෑ‘

(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපතිවරයා හිර කිරීමට ගෙන එන  ව්‍යවස්ථා සංශෝධනවලට තමා සහය නොදෙන  බව හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය.
මේ වෙලාවේ ජනතාවට අවශ්‍ය වන්නේ ව්‍යවස්ථා සංශෝධන නොව කුසට  ආහාර බව පැවසූ  හිටපු අමාත්‍යවරයා ව්‍යවස්ථා සංශෝධන ගෙන එන්නේ එක එක්කෙනාගෙ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා මිස වෙනත් දෙයකට නොවන බවද  ප්‍රකාශ කළේය.

ජනතාවගේ දුක නිවීමට සූදානම් නමුත් අලි නැවීමට නරි නෑවීමට  සූදානම් නැතැයිද  හෙතෙම පැවසුවේය.

අලූත් ව්‍යවස්ථාවකින් ජනපතිවරයා  සිරකරුවකුවන්නේ නම්  එවැනි ව්‍යවස්ථාවකට අත ඉස්සීමට සූදානම් නැතැයි  පැවසූ දිසානායක මහතා සර්වපාක්ෂික ආණ්ඩුව  පිහිටුවා ගනු ලැබුවේ  පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට විනා වෙන වෙන විකාර  කිරීමට නොවන බවද  ප්‍රකාශ කළේය.

මැති ඇමැතිවරුන්ගේ නිවාසවලට පහර දෙන අවස්ථාවේදී සහ  කාන්තාවන් බේරේ වැවට  ඇද දැමූ අවස්ථාවේදී  මේ රටේ   ආරක්ෂක අංශ ක්‍රියා කරපු  ආකාරය ගැන  තමාට බරපතළ විවේචනයක් ඇතැයි  විමලවිර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (13)

‘අලි -නරි නෑවීමට මම සූදානම් නෑ‘

Rexi Sunday, 29 May 2022 02:35 PM

ජනතා බලය ගොඩක් බලවත්.., එදා බේරෙ වැවට දාපු එක ගැන කියවනවා. එහෙම වෙන්න හේතුව හොයලා, ඒවාට පිළියම් යොදන්න. එහෙම නැතිනම් ඊළඟ සැරේ පරාක්‍රම සමුද්‍රයට දැම්මා කියයි.

:       12       78

DewaSunday, 29 May 2022 03:18 PM

හි හි... දාන්න ඕනේ ඇළට..

:       12       56

අසංගSunday, 29 May 2022 03:40 PM

පරාක්‍රම සමුද්‍රය හොඳ වැඩියි. හැමිල්ටන් ඇල හොඳයි. අර මෝදර වැසිකිළි හරවලා තියෙන්නේ ඒකට... හි.හි...

:       8       35

de silva Sunday, 29 May 2022 03:38 PM

ගෙවල් වල හිටපු මිනිස්සු අල්ලන් ඇවිත් බේරෙ වැවට දැම්මේ නැහැනේ... ඔබලාගේ ප්‍රදේශවල ගොවියන්ට බලපා තිබෙන පොහොර ප්‍රශ්නයට ප්‍රධාන වගකිව යුත්තා ඔහු බව ජනපති පිළිගත්තා.. කරන තරමක් කළේ හිතුවක්කාර වැඩ... ඔහුගේ බලය සීමා කරලා පාර්ලිමේන්තුවට දෙන්න ඕනේ. ඔබලා වැනි පාර්ලිමේන්තු නියෝජිතයෝ ඒකට විරුද්ධ නම්... ජනතාව ප්‍රකෝපවෙලා ඒකෙ ප්‍රතිඵල ඔබට ලැබේවි.

:       15       35

C.K.Lankaputhra Sunday, 29 May 2022 03:41 PM

අරලියගහ ගුබ්බෑයමට කැඳවලා කතාවල් දේසාබාලා, අරක්කු බොන්නට දීලා, කඩු පොලු අතට දීලා, මයිනා ගෝගම සහ ගෝටා ගෝ ගම... නිරායුධ වැසියන්ට දුන් ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ ක්‍රියා කරපු ආකාරය ගැන පළමු විවේචනයක් විමලවීර උන්නැහේට කලින් අපටත් තියෙනවා. විමලවීරගේ බෙල්ල හරවන්න පුළුවන් එක පැත්තකට විතරයිද?

:       12       32

මෝ Sunday, 29 May 2022 03:56 PM

දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ. සේරම අල වෙන්නයි යන්නේ. මෙයා අත උස්සන්න බෑ කියනවනේ...!

:       12       21

Bernard Sunday, 29 May 2022 04:42 PM

කටේ නරිවාදම නම් තාමත් ගිහිල්ලා නෑ. රටේ ජනතාවගෙන් හූ වලින් මෙයාට අඩුපාඩු නෑ. මෙයාලට නැවත ඡන්දෙකින් ඇපත් නෑ. දැම්ම මහලු මඩමක් හොයාගන්න.

:       19       31

fairoos Sunday, 29 May 2022 04:43 PM

ජනාධිපතිවරයා රටට කළ හරිය මදැයි..? වැවට දැම්ම එකද ඔයාගේ දුක..

:       21       31

BamunuarachchiMonday, 30 May 2022 07:58 AM

ඇයි ජනාධිපති විශ්වාස නොකර මිනිස්සු රාජ්‍ය විරෝධී අයව මරන්න කියලා කිව්වද?

:       0       0

බණ්ඩාර Sunday, 29 May 2022 05:13 PM

ගෝඨා ගෝ ගමට ගහපු එක කමක් නෑ නේද? ආර්ථිකය හදන්න කලින් දේශපාලන ස්ථවරත්වයක් ඕනෑ...

:       11       23

janahitha Sunday, 29 May 2022 06:27 PM

ගෝ හෝම් නරි..!

:       5       20

Hafeel Monday, 30 May 2022 10:17 AM

බේරෙ වැවේ නෑවේ මහින්දට කඩේගිය අරක්කු කාරයින්. එහෙම නොකළා නම් ආයිත් මේ පහත් වැඩේ කරාවි. මීටපසුව ඒ පැත්ත පළාතටම එන්නේ නැහැ...

:       0       1

sharm warn Monday, 30 May 2022 10:33 AM

ආ. . අලි ාවල නෙමෙයි ද විකුනුවෙ ?? අපි හිතුවෙ නම් ාවල කරල පඩුරක් එහෙම ගට ගහල දුන්නයි කියලනෙ. . ගොවියන්ගෙන් කාපු හූව අමතකයි වගෙ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 9 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 596 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site