IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අලෙවියට මඟක් නැති රාගල පෙයාර්ස්

( ශාන්ත චන්ද්‍රසිරි )

ශ්‍රී ලංකන් ඇපල් ලෙස ප්‍රකට නුවරඑළියේ රාගල පෙයාර්ස් අළෙවි කර ගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැතිවීමෙන් තමන් දැඩි දුෂ්කරතාවයට  ලක්ව ඇතැයි රාගල පොයාර්ස් ගොවීහු පවසති.

රාගල පෙයාර්ස්වල  අස්වැන්න වැඩි වශයෙන් නෙලන කාලය මේ දිනවල යෙදී ඇති බවත්,  දැනට තමන් රුපියල් 700 ක වැනි මුදලකට පෙයාර්ස් කිලෝවක් අළෙවි කර ගනිමින් සිටින බවද ඔවුහු කියති.

තමන්ගෙන් රුපියල් 700 ක පමණ මුදලකට ලබා ගන්නා පෙයාර්ස් කිලෝවක් ඉන් පසුව රුපියල් 1600 ත් 2000 ත් අතර මුදලකට වෙළෙදපොලේ අළෙවි වන බවත්, මෙහි විශාල ලාභයක් අතරමැදියන් අතට පත්වෙන බව රාගල පෙයාර්ස් ගොවීහු පෙන්වා දෙති.

මේ වනවිට නුවරඑළියේ රාගල,  මන්ත්‍රීතැන්න, බිංගන්තලාව, ගෝනපිටිය, පලල්පතන, රත්නායක පතන, ගෝනකැලේ, සෙන්ජෝන්  ආදී ප්‍රදේශවලත් එමෙන්ම වැලිමඩ ආශ්‍රිත  ලකීලෑන්ඩ්, මැදපතන, ගොම්බාලිකන්ද ආදි ප්‍රදේශවලත් පෙයාර්ස් වගා අස්වනු මේදිනවල නෙලන  බව පෙයාර්ස් ගොවීහු කියති.

මෙම පෙයාර්ස්  වගාව වැඩි දියුණු කිරීමට රජය මැදිහත්ව කටයුතු සිදු කළ යුතු බවත් පෙයාර්ස් වගා කළ හැකි ප්‍රදේශවල මුඬු  ඉඩම් ගොවියන්ට රජය මැදහත්ව ලබාදී මේ වගාව දියුණු කරන්න උත්සාහ කළ යුතු බවත් ගොවීහු  කියති.

 



අදහස් (8)

අලෙවියට මඟක් නැති රාගල පෙයාර්ස්

Jagath Wickramasekara Wednesday, 02 August 2023 09:48 AM

ගොවියා හැමදාම කලේ අඩන එක

:       13       22

ලංකාපුත්‍ර Wednesday, 02 August 2023 06:33 PM

පැවැති ආණ්ඩු රේගු ආදායම් ගැනීමේ පරමාර්ථයෙන් හා ආනයනකරුවන් අධික ලාභයක් සඳහාත් ලංකාවේ ආර්ථිකය පසුබෑමට ලක්කිරීමට කැමැත්තෝ රටින්ම පළතුරු ගේන්න උත්සාහ කරනවා රට ගැන නොසිතා කටයුතු කරන මිනිස්සු නිසා රටේ අනාගතය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා...

:       0       1

Prabash Wednesday, 02 August 2023 02:08 PM

අතරමැදියන් අධික ලාභ ලබන ක්‍රමය රජය මැදිහත් වී නවතන තුරු ගොවියා සැමදා දුකේ සිටියි.

:       1       19

දිමුත් Wednesday, 02 August 2023 04:05 PM

කොලඹ අපිට රු 100 ටවත් ගන්න නැහැ.

:       0       7

anil Wednesday, 02 August 2023 05:21 PM

ශ්‍රී ලංකන් ඇපල් ලෙස ප්‍රකට නුවරඑළියේ රාගල පෙයාර්ස් අළෙවි කර ගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් සඳහා රජය සියල්ල නිවසට ලබාදෙන තුරු නොසිට ගෝවින්ද පෙයාර්ස් අළෙවි කර ගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් සඳහා උත්සාහ කළයුතුවේ. ලෝකයේ වෙනත් රටවල මෙන් ලාබ සහ පාඩුවද ගොවීන් විසින් දරාගත යුතුවේ..

:       5       9

NimalWednesday, 02 August 2023 07:35 PM

අනිල්, ඔයා කන්නේ බත් නෙවෙයිද? බත් ඇටයක් හදන්න ගොවියා කරන ප්‍රයත්නය දන්නේ නැද්ද? නිකන් වල්, බූරු කතා කියන්න එපා. ඔයාලා වගේ අය උඩින්ම හොඳයි.., පාර්ලිමේන්තු මන්ත්‍රී ගව රැළට. හැබැයි ඔයාට ගවයා කියන එකත්..., ඒ සතාට කරන නිග්‍රහයක්...

:       0       0

Gregory lake boat tour Wednesday, 02 August 2023 06:18 PM

මේ කතාව ඇත්ත. අපිත් ඊයේ හග්ගල මල්වත්තට ළඟ ප්‍රධාන පාර අයිනේ බඩි ලොරියකින් කිලෝ එකක් ගත්තේ 1800 ගානේ... එක එක ප්‍රමාණයට මිල වෙන් කරලා තිබුණේ. පොඩිම ඒවා 800. ලොකුම එක 2000...!

:       0       1

harsha Wednesday, 02 August 2023 10:54 PM

ආණ්ඩුවක් කියලා එකක් තියෙන්නේ මොකටද? tax ගහ ගහ මිනිස්සු සූරාකන්න විතරද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site