IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අලවතුවල සජබ උප සභාපති

(සුජිත් හේවාජුලිගේ )

සමගි ජන බලවේගය පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා එහි උප සභාපති ධූරයට එහි නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පත් කරනු ලැබ සිටී.

සජිත් ප්‍රේමදාස මහතා එහෙම පත් වීමේ ලිපිය අලවතුවල මහතාට පෙරේදා(25) බාර දුන්නේය.

මෙයට අමතරව අලවතුවල මහතා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයකු ලෙසද කටයුතු කරන්නේය.

මේ නව තනතුර සම්බන්ධයෙන් අදහස් දක්වන පක්ෂයේ නායකයකු පැවසුවේ සමගි ජන බලවේගයේ දියුණුව වෙනුවෙන් දැක්වූ දායකත්වය සහ කැපවීම සැලකිල්ලට ගෙන ඔහුට මෙම තනතුර පිරිනැමූ බවයි.

සමගි ජන බලවේගය පක්ෂය වටා රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් ගොනු කිරීම අලවතුවල මහතාට පවරා ඇති ප්‍රධාන කටයුත්ත බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ජේ.සී අලවතුවල මහතා හැටේ දශකයේදී එක්සත් ජාතික පක්ෂ දොඩංගස්ලන්ද ආසන සංවිධායක ලෙස කටයුතු කළ මහා මාර්ග නිවාස සහ ඉදිකිරීම් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුවූ එස්.ඩබ්ලිව් අලවතුවල මහතාගේ පුත්‍රයාය.

 



අදහස් (1)

අලවතුවල සජබ උප සභාපති

Bamunuarachchi Monday, 28 November 2022 06:13 AM

පක්ෂයේ සියලු මන්ත්රීලාට උප සභාපති 1 උප සභාපති 2 උප සභාපති 3 කියලා තනතුරු දුන්නොත් පක්ෂයේ සියලු මන්ත්රීලා තනතුරු ලැබී පක්ෂය තවත් ශක්තිමත් වෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 16 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site