IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අල්ලස් සිද්ධියට සුරාබදු 4කගේ වැඩ තහනම්

(සුජිත් හේවාජුලිගේ)

බීඩි නිෂ්පාදකයකුට පහරදී අල්ලස් ගැනීමට උත්සහ දැරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් තංගල්ල සුරාබදු ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් සිවුදෙනාගේ  වැඩ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් තහනම් කරනු ලැබීය

මෙසේ වැඩ තහනම් කරනු ලැබුවේ තංගල්ල  සුරාබදු ඒකකයේ ස්ථානාධිපතිවරයා, සුරාබදු නියාමකවරුන් දෙදෙනෙකුගේ සහ සුරාබදු නියාමක රියදුරකුගේය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ උපදෙස් මත  මෙම නිලධාරීන්ගේ වැඩ තහනම් කර  ඇත.

සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව සොයා බලා තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙසද  මුදල් රාජ්‍ය අමාත්‍යවරයා  සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට වැඩිදුරටත් උපදෙස්දී ඇත.

වලස්මුල්ලේ බීඩි නිෂ්පාදකයකුගේ  බලපත්‍රය ඉකුත් ජුනි 26 වැනිදායින් අවසන්වීම හේතුවෙන්  ඉකුත් 18 වැනිදා තංගල්ල සුරාබදු ඒකකයේ  ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් එහි ගොස් නිෂ්පාදකයාට නඩු පවරන බව පවසා ඇතැයි  කියති. නඩු නොපවරා පසුව සිද්ධිය ගොඩින් විසඳා දීමට  රුපියල් ලක්ෂ 14ක මුදලක් බීඩි නිෂ්පාදකයන් ඉල්ලා තිබූ බවත් බීඩි ව්‍යාපාරිකයා ඊට විරෝධය පළ කර තිබූ බවත්   පොලිස්  පරීක්ෂණවලදී තොරතුරු අනාවරණයවිය.

ඉන් අනතුරුව බීඩි  ව්‍යාපාරිකයා ත්‍රිරෝද රථයකින් පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබ ගත් බව ඔහු පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්විය.



අදහස් (0)

අල්ලස් සිද්ධියට සුරාබදු 4කගේ වැඩ තහනම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site