(මනෝප්‍රිය ගුණසේකර)
හෝටලයක වාර්ෂික වෙළඳ බලපත්‍රය ගැනීමට අවශ්‍ය මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වාර්තාව දීම සඳහා රුපියල් 10,000 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි බෝවල මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා තීරණය කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නොමැති හෙයින් ඔහු නිදොස් කොට නිදහස් කරන්නැයි නීතීඥ දර්ශන කුරුප්පු මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා තීරණය කළේය.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් ඔප්පු කොට නොමැති බව තීරණය කරමින් මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ තැන්නේකුඹුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්ත බෝවල මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා වශයෙන් කටයුතු කළ හඟුරන්කෙත පදිංචි සනත් විජිතානන්ද සුභාවික්‍රම මහතාය”
2018 ජනවාරී මස 18 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මහනුවර හඟුරන්කෙතදී බෝවල මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා වශයෙන් කටයුතු කරමින් ‘බ්ලු මවුන්ටන්’ හෝටලයේ වාර්ෂික වෙළඳ බලපත්‍රය ගැනීමට අවශ්‍ය මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිර්දේශය සහිත පරීක්‍ෂණ වාර්තාව දීම සඳහා අමර ඉසුනික පුෂ්පකුමාර නමැත්තාගෙන් රුපියල් 10,000 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා 04ක් යටතේ විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා තිබිණි.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
992
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අල්ලස් චෝදනා ලැබූ පී එච් අයි නිදොස්කොට නිදහස්