IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අල්ලස් ගත්තැයි පොලිසියේ දෙදෙනෙක් අත්අඩංගුවට

(රවින්ද්‍ර විරාජ් අබයසිරි)

මාතලේ මහවෙල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ සේවයේ නියුතුව සිටි පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුගෙන් රුපියල් 10000 මුදලක් අල්ලස් ලෙස ලබාගන්නට යෑමේදී එම පොලිස් නිලධාරින් දෙදෙනා අල්ලස් දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අද (02) වන දින සැකපිට අත්අඩංගුවට තිබේ.

මාතලේ මහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගෙන් රථ වාහන නඩුවක දඩ මුදල අඩු කර ගැනීම   සඳහා  අදාළ පුද්ගලයාගෙන් මුදල් ලබා ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී  අල්ලස් දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් එම පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට  ගෙන ඇත.

ආදායම් බලපත්‍ර හා රක්ෂණ සහතිකය  නොමැතිව ගමන් කළ එම පුද්ගලයාට අඩු මුදලක දඩ කොළයක් ලබාදීම සඳහා මෙම පොලිස් සැරයන්වරුන් දෙදෙනා   අල්ලස් ලෙස රුපියල් 10000 ක මුදලක් තමාගෙන් ඉල්ලූ බවට එම පුද්ගලයා විසින්  අල්ලස් දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව එම නිලධාරින් විසින් සිදු කරන ලද වැටලීමකදී අදාළ පොලිස් නිලධාරින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල සිද්ධිය පිළිබඳ වැඩිදුණ පරීක්ෂණ කටයුතු අල්ලස් දෙපාර්තමේන්තුව මගින්  සිදු කරනු ලබයි.



අදහස් (2)

අල්ලස් ගත්තැයි පොලිසියේ දෙදෙනෙක් අත්අඩංගුවට

Lahiru Anton De Silva Saturday, 03 February 2024 03:17 AM

මම ඉන්න පැත්තෙන් ඉන්නවා. ඔවුන් මට බයට ත්‍රීවීල් එකේ කට්ටියක් එක්ක යන්නේ.. කවදත් තනියම යන්න බයයි. සාරි අන්දන්න ඕනේ පොලිස්කාරයින්ට....

:       0       0

Nadadawa withanage sisira kumara Saturday, 03 February 2024 12:42 PM

හවායි යතුරුපැදි කරුත් වැරැදියි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site