(මනෝප්‍රිය ගුණසේකර)
බුරුත ගසක් කැපීමට අවසර ලබාදීම සඳහා රුපියල් 12,000/- ක අල්ලසක් ගත් බවට චෝදනා ලැබ සිටි හොරොව්පතාන පොලිසියේ පොලිස් සැරයන්වරයා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා නියම කළේය.
අනුරාධපුර ප්‍රදේශයේ දේශපාලනඥයකුගේ ආධාරකරුවකු වන දැව ජාවාරම්කරුවකු සමඟ එක්ව පොලිස් සැරයන්වරයාගෙන් පළි ගැනීම සඳහා අල්ලස් ගත් බවට පැමිණීලි කොට ඇතැයි කියමින් නීතීඥ දර්ශන කුරුප්පු මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් ඔප්පු කොට නැතැයි තීරණය කොට විත්තිකාර පොලිස් සැරයන්වරයා සියළු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළේය,
චෝදනා ඔප්පු නොකිරීම හේතූවෙන් මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ හොරොව්පතාන පොලිසියට අනුයුක්තව පොලිස් සැරයන්වරයකු වශයෙන් සේවය කළ අනුරාධපුර කාර්මික පෙදෙසේ පදිංචි ආර්.එම්.උපාලි රත්නායක මහතාය.
2017 ජුලි මස 29 වැනිදා සහ 30 වැනිදා අවස්ථා දෙකකදී රුපියල් 12000/-ක අල්ලස් මුදල් ඉල්ලා ලබා ගන්නා ලදැයි අල්ලස් කොමිසම විත්තිකරුට එරෙහිව චෝදනා හතරක් යටතේ නඩු පවරා තිබිණී.
2025 දෙසැම්බර් මස 18
406
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
234
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1023
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අල්ලස් ගත්තැයි කී සාජන් නිදොස් කොට නිදහස්
Namal Rajapakshe Friday, 02 September 2022 07:48 PM
Good Job...Innocent officer finally got the justice.