IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


අල්ලස් කොමිසම කැඳවද්දී රාජිත ලෙඩ වෙලා

(රෝෂන් තුෂාර)

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් තොරව ,අත්තනෝමතිකව හා අනීතිකව ,කුණු කොල්ලයට  කොරියානු සමාගමකට ලබාදී  රජයට පාඩුවක් කළේ යැයි කියන   හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්න මහතා අසනීප තත්වයේ පසුවන බැවින්  අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි බව  අද(2) දැනුම් දී ඇත.  

සිද්ධිය සම්බන්ධයෙන් අද උදෑසන 9.00ට අල්ලස් කොමිසමට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට අල්ලස් කොමිසමේ විශේෂ විමර්ශන අංක 01 ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයා විසින්    රාජිත සේනාරත්න මහතාට ලිඛිතව දැනුම් දී ඇත.

රාජිත.  සේනාරත්න  මහතාගේ නීතිඥවරයෙක්  උදෑසන අල්ලස් කොමිසමට පැමිණ  රාජිත සේනාරත්න මහතා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් විමර්ශනය සඳහා සහභාගී විය නොහැකි බවට ලිපියක් ලබාදී ඇතිි බව අල්ලස් කොමිසම ආරංචි මාර්ග සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකයට රාජිත සේනාරත්න  මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවේ කරුණු ඉදිරිපත් කළ අල්ලස් කොමිසම පසුගිය 27 වැනි දින  සඳහන් කර තිබිණි.



අදහස් (16)

අල්ලස් කොමිසම කැඳවද්දී රාජිත ලෙඩ වෙලා

සෙනෙවිරත්න Wednesday, 02 July 2025 05:13 PM

බඩයනවා ඇති නොකඩවාම, ආපු නැති එක හොඳයි. නැත්නම් ඔතැන පුටු හෝදන්නත් වෙනවා රජයේ ගානේ. ඕක ඉවර වෙච්චි දවසක එන්න කියන්න...

:       0       0

මහසෙන් Wednesday, 02 July 2025 05:20 PM

දත් කැක්කුම ද ලෙඩේ?

:       4       102

විපරමා Wednesday, 02 July 2025 06:12 PM

හුඟක් දූෂිත දේශපාලුවන්ට සාමාන්‍යයෙන් ඇතිවන රෝගී තත්වයක්. පහුගිය කාලවලත් හිටපු ගමන් ලෙඩවෙන අයත් අපි දැකලා තියෙනවා...

:       5       55

අරවින්ද මොණරවිල Wednesday, 02 July 2025 06:23 PM

ඒ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් අනිත් පැත්තට, හතර අතටම පනිමින් කෙරුවේ හොරකම් කරන එක විතරයි ! රට බංකොලොත් කරලා උන් ගොඩ ගියා, දැන් ඒවට පොලියත් එක්කම ගෙවන්න ලැහැස්ති වෙයන් ටොමියා............

:       0       0

Dasa P Wednesday, 02 July 2025 06:26 PM

නැහැ මිනී මෝරෙක් දෂ්ට කරලා

:       0       0

ලූට මූස් Wednesday, 02 July 2025 06:34 PM

මුංට අට අනූවක් රෝග හැදෙන්නෙ මේවට කැදෙව්වම විතරයි, අනිත් වෙලාවට මුංම මාධ්‍ය සාකච්ඡා කැදවලා පොර ටෝක් දෙනවා. ගරැ අධිකරණය මෙම කරැණ වහාම තදින් සැලකිලිලට ගත යුතු යැයි සිතනවා.

:       0       0

ලයන් Wednesday, 02 July 2025 07:41 PM

හොරුන්ට හොර ලෙඩ හැදෙනවා, පගා කප්පිත්තෙක්...

:       0       0

janabala asamagi Wednesday, 02 July 2025 09:25 PM

සෞඛ්‍ය ඇමති දේශපාලනයෙන් ගොඩ ගිය උන් දසලක්ෂ ගණන් රජයේ මුදල් වලින් සිංගප්පුරුවෙන් ප්‍රතිකාර ගත්තේ.

:       0       3

කපුරුහාමි Wednesday, 02 July 2025 09:32 PM

දැන් ඉස්සර වගේ දත් ගලවන්ඩ බැරුව ලෙඩ වෙලා?

:       0       5

කව්ද බෝයි Wednesday, 02 July 2025 09:59 PM

මේකාට, කෙහෙළිය ගෙනාපු බෙහෙත් දුන්නානම් නිට්ටාවටම සුව වෙනවා.

:       0       8

Rata Perata Wednesday, 02 July 2025 10:34 PM

බලාගෙන ගියාම මුන් සනීපෙන් ඉඳලා තියෙන්නේ සල්ලි ගහන්න විතරයි. ඒවා ගැන අහනකොටම ලෙඩ වෙනවා

:       0       6

Nishan Thursday, 03 July 2025 04:48 AM

නීතිය සැමට එකයි කියලා ජනාධිපති පම්පෝරි ගැහුවට රතු ලේබල් කන්ටේනර් 323 ක් පන්නපු කේස් එක ලස්සනට යට ගහමින් ඉන්නවා. ඒක ගැන කතා කරපු අයටත් නොයෙක් චෝදනා එල්ල කරලා අත් අඩංගුවට ගත්තා, ප්‍රශ්ණ කලා. තව ඇමති කෙනෙක්ට හොර ඔප්පු හදලා අඩු මිලට දේපලක් ගත්තා කියලා උසාවියෙන් වරෙන්තු තියෙනවා ඒත් ඔහු උසාවි නොගිහින් ඉන්නවා. හාල්, පොල්, ලුනු අඩු මිලට ගෙනත් වැඩි මිලට විකුණන ඒවාත් හොයන්නේ නෑ. ඔවුන්ට විරුද්දව නීතිය ක්‍රියාත්මක නොවුනොත් අනාගතේ දවසක ක්‍රියාත්මක වේවි. සමහර විට පක්ෂ අරමුදල් ගැන, 87-89 කාලේ කරපු දේවල් ගැනත් ඇදෙයි.

:       11       1

PA RA Thursday, 03 July 2025 08:37 AM

සමාජයේ කථිකා වන නැව් ගනනාවක් හිමි එ්වා විදේශ රටවල රෙජිස්ටර් කරන ලද හා එම අාදායම් රටේ දේශපාලනයෙන් යම් යම් අාකාරයෙන් උපයාගත් බව අපට නිතර අසන්නට ලැබේ

:       0       14

achini Thursday, 03 July 2025 12:36 PM

අල්ලස් කොමිසමට කැදවාපුවාම වෙලාවට කලිනුත් කලුතර පැත්තේ එකෙක්ට නයෙක් ගැහුවාලු නේද?

:       0       7

කපුරුහාමි Thursday, 03 July 2025 01:40 PM

මහින්දයාගේ දෑත් ශක්තිමත් කරන්ඩ කියලා පැනපු කෙනා. එහෙට මෙහෙට තමුන්ගේ වාසියට පැවැත්මට පැනපු බලලෝබි බඩගෝස්තරවාදි තවත් දූෂිතයෙක් .දත් ගලවන්ඩ විදියක් නැතුව ගියා. හිතේ අමාරුවට ලෙඩ වෙන්ඩ ඇති?

:       0       7

අරුණි Thursday, 03 July 2025 05:26 PM

පරීක්ෂණ පැවැත්වීම හොඳයි. නමුත් නඩු විභාගයට පෙර සිටම වීරුද්ධවාදීන් අත්අඩංගුවට ගෙන පීඩාවට පත්කිරීම දැන් අලුත්ම සිරිතක් වෙලා තියෙනකොට මිනිස්සුන්ට උත්තරයක් දෙන්න යන්නත් දැන් බයයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 500 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2242 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1676 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site