IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අල්ලසේ ’’කප්’’ එක අධ්‍යාපනයට

(සුජිත් හේවාජුලිගේ සහ  නිමන්ති රණසිංහ)

අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් මේ වසරේ  වැඩිම චෝදනා එල්ල වී ඇත්තේ  අධ්‍යාපන ක්ෂේත්‍රයේ  නිලධාරීන්ට බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙලෙස චෝදනා එල්ලවී අධ්‍යාපන ක්ෂේත්‍රයේ පිරිසට පාසල්, අධ්‍යාපන අමාත්‍යාංශය හා කලාප කාර්යාලවල නිලධාරීහු 212ක්  ඇතුළත්වෙති.

අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් පසු අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් දෙවැනුව වැඩිම චෝදනා එල්ල වී ඇත්තේ පොලිස් නිලධාරීන්ට එරෙහිවය. එම නිලධාරීන්ට එරෙහිව ඉදිරිපත්ව ඇති පැමිණිලි   ගණන 161 කි.

අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් තෙවැනුව වැඩිම පැමිණිලි ඉදිරිපත්ව  ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරින්ට එරෙහිවය. මෙම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන පවත්වා  ඉඩම් නිලධාරීන් ග්‍රාම නිලධාරින් ඇතුළු නිලධාරිහු අට දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

මේ අතර අල්ලස් ගැනීම සම්බන්ධයෙන්  පැමිණිලි  1945ක්  මේ වසරේ ඔක්තෝබර් මස 31 වෙනිදා දක්වා  ඉදිරිපත්ව තිබූ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවැසීය.

මේ කාලසීමාවේදී අත්අඩංගුවට ගෙන ඇති රාජ්‍ය නිලධාරින් සංඛ්‍යාව විසි හයක් බව  අල්ලස් කොමිසම පවසයි.

මේ අතර   ආර්ථික උද්ධමනකාරී තත්වය  හේතුවෙන් අල්ලස් ගැනීම්වල යම් වැඩිවීමක් පෙනෙන්නට ඇති බව කොමිසමේ නිලධාරීහු පෙන්වා දෙති.



අදහස් (2)

අල්ලසේ ’’කප්’’ එක අධ්‍යාපනයට

Bunny Preena Wednesday, 21 December 2022 04:36 PM

ශූරතා පළිහ දියවන්නාවෙ උන් දීලද?

:       1       3

Hafeel Wednesday, 21 December 2022 06:04 PM

අධ්‍යාපනයට බැහැ දියවන්නාවට දෙවැනි වෙන්න. දියවන්නාවේ ඉන්නේ ප්‍රධාන පෙලේ, අංක එකේ කප්පම්කරුවෙක්... ඉතින් කොහොමද අධ්‍යාපනයට කප්එක දෙන්නේ? මෙම තරගයේ වීරයා අර කප්පම් ඇමැති...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site