IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අල්ලසෙන් ඇල්ලූ වාහන රේගුවට දෙන්න නියෝග

(රෝෂන් තුෂාර)

රුපියල් කෝටි හත්සීයක රේගු බදු රටට අහිමි කරමින් මෙරටට ආනයනය කළ අධි සුඛෝපභෝගී වාහන 112ක් අතරින් අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් වාහන පහක් යළි රේගුවට   භාරදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (14) නියෝග කළේය.

අදාළ වාහන අල්ලස් කොමිසම මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අධිකරණය මගින් සහකාර රේගු අධ්‍යක්ෂවරයාට මෙසේ බාර දීමට නියෝග කෙරිණි.

 රුපියල් කෝටි හැටකට අධික වටිනාකමකින් යුත් මෙම වාහන පහ මගින් රුපියල් මිලියන 300 රේගු බදු රටට අහිමි කර ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.

අදාළ වාහන පහ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් අධිකරණයට ගොනුකරන ලෙසට මහේස්ත්‍රාත්වරයා රේගු අධ්‍යක්ෂ ජනරාල් වරයාට නියෝග කරමින් දන්වා සිටියේය.



අදහස් (6)

අල්ලසෙන් ඇල්ලූ වාහන රේගුවට දෙන්න නියෝග

End Game Friday, 14 June 2024 02:04 PM

උන් යාළුවෝ මල්ලි...

:       2       28

චන්දිම ෆොන්සේකා Friday, 14 June 2024 05:17 PM

ඊළඟට රේගුවේදී ඔය වාහනවලට වෙන්නේ මොකද්ද? එතැනදී ආයෙත් වෙන විදියකට පිල්ලි ගහවිද?

:       1       24

Cisco Friday, 14 June 2024 07:31 PM

රේගුව හරියට බදු ගැහුවේ නැති නිසා තමයි හොරෙන් RMV එකේ රෙජිස්ටර් කළේ. ආපසු රේගුවට දුන්නාම හොරාට බඩු ටික අරන් යන්න නීතියෙන් අවසර දුන්නා වගේ...

:       1       7

Janaka Saturday, 15 June 2024 02:32 AM

රේගුවට බාර දුන්නාම රේගුව ඒ ටික වෙන්දේසි කරනවා. සියලු රේගු වෙන්දේසිවලින් පාතාල සහාය සහ දේශපාලන බලය පාවිච්චි කරලා බඩු කුණු කොල්ලෙට ගන්න ප්‍රධාන පුද්ගලයා තමයි හිටපු මහරජතුමාගේ සියලු ආවතේව වැඩකරන නෙවිල්. දැන් වැඩේ තේරෙනවා නේද? අවසානයේදී සල්ලි යන තැන දන්නවා නේද?

:       0       0

Janaka Saturday, 15 June 2024 02:39 AM

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ තීන්දු දෙන්නේ හොඳට හිතලා මතලා.

:       0       0

Lalla Saturday, 15 June 2024 11:07 PM

කිසිම වාහනයක් රේගුව නිදහස් නොකර එලියට ගන්න බැහැ. එහෙම තත්ත්වයක් මත රේගුව කියන කථා කප්පම් නොලැබීම නිසා කරන රංගනයක් නොවේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site