IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අල්ලන්නත් කලින් දමිතා යුවල ඇප ඉල්ලයි

(විමුක්ති එස් රුද්‍රිගු)

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට අපේක්ෂිත ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් නීතිඥ තරිඳු වික්‍රමනායක මහතා මෝසමක් මාර්ගයෙන් අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රයක් ගොනු කළේය.

පොලිස්පතිවරයා මෙම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇතත් 2754/23 චක්‍ර ලේඛනයට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ හැක්කේ මිලියන 25 ට වැඩි වංචා පැමිණිලි පමණක් බව දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මහතා ප්‍රකාශ කළේය.එසේම මෙම පැමිණිල්ල පරිගණක අපරාධ අංශයට යොමුකර ඇත්තේ ඇයිදැයි සිතාගත නොහැකි බවද අජිත් පතිරණ මහතා පැවැසුවේය.

ඒ අනුව අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රයේ විමසීම අවසන් වනතෙක් වරෙන්තුවක් නොමැතිව දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අත් අඩංගුවට නොගන්නා ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයට එළඹෙන 6 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස පිස්කල්වරයා මාර්ගයෙන් නොතීසි නිකුත් කිරීමටත් මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.



අදහස් (0)

අල්ලන්නත් කලින් දමිතා යුවල ඇප ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site