(ක.ග කරුණාරත්න)
ගිරිතලේ බකමූණ මාර්ගයේ දියබෙදුම ගල්වාන පාලම අසලදී අද(21)අලුයම පාපැදියෙකින් ගමන් කරමින් සිටි 80හැවිරිදි පුද්ගලයෙකුට වන අලියෙකු පහරදීමෙන් එම ස්ථානයේදීම මරුමුවට පත්වී ඇතැයි දියබෙදුම පොලීසිය කියයි.
ඒ සිද්ධියෙන් මියගොස් ඇත්තේ බකමූණ,අත්තනකඩවල,මඩුදමන පදිංචි ලියනආරච්චිලාගේ අර්නෝලිස්(80)යන අයයි.
මේ පුද්ගලයා දියබෙදුම නගරයේ සති පොළට බඩු වෙළඳාම් කිරිම සඳහා පැමිණෙන වෙළෙන්දෙකු බවත් මෙදින දෙහි ගෙඩි මල්ලකද රැගෙන එය විකුණාගැනීම සඳහා පාපැදියෙන් පොළට එමින් සිටියදී අලුයම 5-00ට පමණ අලියාගේ පහරකෑමට ලක්ව තිබෙන බව පොලීසිය සිදුකල විමර්ශනවලදී හෙළිවී තිබේ.
අලි ගම්වැදීම වැලැක්වීම සඳහා ඉදිකර තිබෙන අලඅලි වැටද කඩාගෙන මේ දිනවල අලි ගම්මානවලට පැමිණෙන බවත් අලියා මේ පුද්ගලයාට පහරදී ඇත්තේ අලින්ගේ සුප්‍රකට ගමන් මාර්ගයක් වන අලිමංකඩකදී බවත් ප්‍රදේශවාසීහු පැවැසූහ.
දියබෙදුම පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 04
742
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2400
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අලියකු පහර දී පුද්ගලයෙක් මරුට