IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අලින්ට ලේසර්: චන්න පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල්ලයි

(සුජිත් හේවාජුලිගේ )

අලි ඇතුන්ට ලේසර් කිරණ අල්ලා කුලප්පු කරවා මහනුවර දළදා පෙරහර කඩාකප්පල් කිරීමට සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේද යන්න සම්බන්ධයෙන් සොයා බලන ලෙස අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් යොමුකරමින් ඉල්ලීමක් කළේය.

බෞද්ධ පෙරහර කඩාකප්පල් කිරීමට සහ අපහාසයට ලක් කිරීමට සංවිධානාත්මක වැඩපිළිවෙලක් වසර කිහිපයක සිට ක්‍රියාත්මක වන බව නිරීක්ෂණය වන්නේ යැයිද   මන්ත්‍රීවරයා එම ලිපියේ සඳහන් කර ඇත.

මහනුවර දළදා පෙරහැරට විරුද්ධව පසුගිය සමයේදී සමාජ මාධ්‍ය මෙහෙයුමක් පවා ක්‍රියාත්මකවූ  බවද චන්න ජයසුමන මහතා පවසයි.

මහනුවර දළදා පෙරහැරේ පෙරහරේ ගමන් ගන්නා අලි ඇතුන් අපහසුතාවයට ලක් කිරීමටඇතැමුන් ලේසර් කිරණ භාවිතා කරන බවට ඇත්ගොව්වන්නන්ද ප්‍රකාශ කර ඇති බවත්  අලි ඇතුන් සහ වගා හානි කරන වෙනත් සතුන් පලවා හැරීමට  භාවිත කරන  ලේසර් කිරණ නිකුත් කරන කුඩා උපකරණ පෙරහරට සති කීපයකට පෙර  අලෙවි කිරීමට ඇති බවට ප්‍රචාරක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක වූ බවත්
ඔහු  එම ලිපියෙන් දැනුම්දී ඇත.

එසේම අධි බලය ඇති ලේසර් කිරණ නිකුත් කරන උපකරණ  මෙරටට ආනයනය කිරීමට නිසි අවසරයක් ලබාගෙන තිබේද ඒවා ලංකාවට ආනයනය කළේ කවුරුන් විසින්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසද  මහාචාර්ය චන්න ජයසුමන මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.



අදහස් (14)

අලින්ට ලේසර්: චන්න පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල්ලයි

Chamind Wijesinghe Monday, 28 August 2023 01:57 PM

ඇත්තටම මේක සොයා බලන්න වටිනා දෙයක්. පොඩි පෑන්, තුවක්කු වගේ විවිධ උපකරණ විකුණන්න තියෙනවා. මේවා පොඩි ළමයි පාවිච්චි කරන්න ගත්තොත් මහා විනාශයක් වෙන්න පුළුවන් හා, ඇස්වලට හානි වෙන්න පුළුවන්...

:       5       54

කලගෙඩි හේනේ ඥානාලංකාර තෙර Monday, 28 August 2023 05:10 PM

දැන් අලි පන්නන බොහොම බලගතු විසිල් තියෙනවා. කටින් පිඹින ඒවා නෙවෙයි බොත්තමක් ඔබන ඒවා. මේවා තව ටික කාලෙකින් ඔය මිනිස්සු භාවිතා කරයි. මහා විනාසයක් වෙනකල් වැඩේ නවතින්නේ නැහැ.

:       1       12

nimalMonday, 28 August 2023 09:21 PM

අධි බලය ඇති ලේසර් කිරණ නිකුත් කරන උපකරණ මෙරටට ආනයනය කිරීමට නිසි අවසරයක් ලබාගෙන තිබේද ඒවා ලංකාවට ආනයනය කළේ කවුරුන් විසින්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන

:       0       2

මැක්ස් Monday, 28 August 2023 01:57 PM

ඉතාමත් කාලීන ඉල්ලීමක්... සත්ව කරුණාවට මුවා වී බෞද්ධ සංස්කෘතිකාංගවලට පහර දීමේ දීන උත්සාහය, අරගල විහිළුවෙන් පසු දැන් වඩාත් තීව්‍ර වී ඇත. ශෝචනීය කාරණය වන්නේ එහි පෙරමුණේ රාලලා වී ඇත්තේ ජවිපෙ දායක සභාව වීමයි. අනිකුත් ආගම්, කල්ලිවාදීන්, බෝන් අගේන්වරුන් පෙරහරට එරෙහිිවීම තේරුම් ගතහැකි වුවත් ජවිපෙවාදීන් ද ඒ ගොඩට වැටීම කණගාටුදායකය. වරක් දළදා මාලිගාවට බෝම්බ ගැසූවේත් මොවුන් නිසා පුදුමයකුත් නෑ ඉතිං...!

:       34       104

maharajaMonday, 28 August 2023 03:55 PM

හම් නැවත රජ තුමා සහ පවුල රජකල යුතුය හොප්.....

:       44       11

ගමින්ත දිසානායක Monday, 28 August 2023 06:12 PM

ඇත්ත. කුකුල් මස් කන්න හොඳ නම් අලින්ට වද දුන්නාට මොනවා වෙනවාද? අනෙක එංගලන්තේ රජා අශ්වයා අදින කරත්තේ යනවා නම් දළදාව අලියාගේ පිටේ ගෙනිච්චාට මොකද වෙන්නේ...? කකුල්වලට දම්වැල් දාලා හෙණ්ඩුවෙන් ඇන්නේ නැත්නම් අලි කුලප්පු වෙන්නත් පුළුවන්...!

:       36       12

sachith Monday, 28 August 2023 02:19 PM

ඔය හදන්නේ වේදිකාව නියමෙට... ඊගාවට ඉතින් රට, ජාතිය බේරගන්න දළදා මාලිගාව ඉස්සරහ නයිට් ක්ලබ් දාලා රේස් පැද්ද නාමල් කුමාරයාව ගේමු...!

:       71       38

Akila Monday, 28 August 2023 02:36 PM

කරුණාකරලා මේකට බෞද්ධ පෙරහරක් කියලා බුද්ධ ධර්මයට අපහාස කරන්න එපා.. මොකද සැබෑ බෞද්ධ දර්ශනයේ කොහෙවත් නැහැ මෙහෙම ආගමක නාමයෙන් සතුන්ට හිංසනයක් කරන්න කියලා...!

:       37       38

සමන් විමල් Monday, 28 August 2023 05:00 PM

පෙරහැර අයිති වන්නේ බෞද්ධ, සංස්කෘතික අංගවලට... බෞද්ධ සංස්කෘතියට ගරහන්නන්ගේ උප්පරවැට්ටි තමයි ඔය...!

:       1       40

කිරිපුතා Monday, 28 August 2023 02:52 PM

සත්තු එල්ලලා කපලා ලේ ටික පවා බොන ඇතැමුන් පෙරහැරේ යන අලින්ට හිංසාවක් කරනවා කියලා කියනවා. බුදු දහම නිසා නරක වැඩ කරන්න බැරි අයත්... මේවාට ගරහනවා. සිංහල බෞද්ධ සංකෘතිය ගැන අසාමාන්‍ය අමාරුවකින් වෙසෙන ජනකොටස් රට තුළ සිටිනවා. නීතියෙන් මේවා හෙව්වත්, නැතත් පෙරහර බලන රටට ආදරය ඇති ජනතාව අවධියෙන් සිටිය යුතුයි.

:       11       59

geeth Monday, 28 August 2023 03:10 PM

මම දන්න විදියට පෙරහැරවල් වල අලි කුලප්පු 1950 ගණන් වලත් වෙලා තියෙනව. දැන් ඒ්වයිත් කූලප්පු වුණේ ලේසර් ගහලද? පෙරහැරවල් වල අලි කුලප්පු ඇතිවීම ඒච්චරටම අසාමාන්‍ය දෙයක් නෙමෙයි. ඉස්සර ඇත්ගොව්වො වගේ නෙමෙයි දැන් අය ගොඩක් බීල තමයි අලින්ට ඔය හෙන්ඩු වලින් දරුණු විදියට අලින්ට රිද්දන්නෙ, ඒතකොට ඔයවගේ දේවල් වෙන්න .

:       55       26

ලුම්බිණි Monday, 28 August 2023 03:40 PM

මාධ්‍ය සංදර්ශනයක් පමණි.

:       37       11

සමන් Monday, 28 August 2023 05:09 PM

මේ සත්ව අවිහිංසාව කියලා වැලලෙන්න හදන ඩොලර් කාක්කන්ට හජ්ජි, හලාල් ආදිය කියලා ඝාතනය කරන සතුන් ගැන වගේවගක් නැහැ. කට ඇරියා නම් මොවුන්ගෙත් බෙල්ල තමයි යන්නේ. අනික මේ බොරුවට සත්ව හිංසනයට මොරදෙන හොරුන් කීදෙනෙක් නිර්මාංශිකද?

:       5       50

නේරන්ජක විජේසිංහ Monday, 28 August 2023 06:20 PM

මමත් ඕක ගැන කියෙව්වා අපේ හාමුදුරුවනේ... අප්‍රිකානු රටවල අලි ගම් වැඩෙන එක වළක්වන්න හොයාගෙන තියෙන්නේ. අලි ආත බූත නැතිව දුවනවා. පෙරහැරේ VIP අට්ටාලේ කිට්ටුව ගැහුවා නම් නලාව පහුවදාම අලි පෙරහැරේ තහනම්...!

:       3       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 361 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 216 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site