(ෂේන් සෙනෙවිරත්න)
අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.
වෙසක් නැරඹීම සඳහා යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් යටිහලගල අතුරු මාර්ගයක් ඔස්සේ කුරුණෑගල දෙසට ධාවනය වෙමින් තිබියදී බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදී හෙළකට පෙරළීමෙන් ඊයේ (12) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.
එම අවස්ථාවේදී බස් රථයේ පුද්ගලයන් 30 දෙනකු සිට ඇති අතර අනතුරින් තුවාල ලැබූ 29 දෙනකු රෝහල් ගත කොට ඇතිඅතර මහනුවර ජාතික රෝහලට තුවාලකරුවන් 19 දෙනකුද පෙරාදෙණිය ශික්ෂණ රෝහලට තුවාලකරුවන් 06 දෙනකුද කටුගස්තොට රෝහලට තුවාලකරුවන් 03 දෙනකුද තිත්තපජ්ජල රෝහලට එක් තුවාල කරුවෙකුද ඇතුළත් කොට ඇති බව පවසන පොලිසිය ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව කියයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අලදෙණියේ බස් අනතුරක් 29ක් රෝහලට
Perera Tuesday, 13 May 2025 09:27 AM
බස් පල්ලම්වලට පෙරළෙනවා ඉවරයක් නෑ. කෝච්චි පීලි පනිනවා ඉවරයක් නෑ. බස්වලටයි, කෝච්චිවලටයි... මොන කරුමයක් පලදීලද?