IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අලුත් සහල් මංගල්‍යයේදී ජනපති අතීතය සිහි කරයි

 

(අංජුල මහික වීරරත්න)

මට මතකයි, අස්වැන්න නෙලලා ගෙදරට වී  ගෙනාවට පස්සේ අපේ ගෙවල් වල වී ටික කඳු ගහන්න ලොකු ඉඩක් නෑ.අපි ගෙදර වී ගෝනි තියලා ඒ වී ගෝනි උඩ නිදාගෙන තිබෙනවා යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික අලුත් සහල් මංගල්‍යයේදී පැවසීය.

ජාතික අලුත් සහල් මංගල්‍ය අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අභියසදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්විණි. ගොවීන් විසින් නෙලා ගත් වී අස්වැන්නේ අග්‍ර භාගය මෙහිදී ශ්‍රී මහා බෝධිය අසල රන් ආලේපිත පාත්‍රයට පුරවා ආශිර්වාද ගැනීම මෙහිදී සිදු කෙරිණි.

ජනාධිපතිවරයා මෙසේද කීය.

අපි කවුරුත් කෘෂිකර්මාන්තයේ යෙදුණු අය.අපි ගොවි අම්මා අප්පලාගේ දරුවෝ.ජනතාව විඳින අනේකවිධ දුක්ඛ දෝමනස්ස ගැන අවබෝධයක් තියෙන මිනිස්සු.මේ රටේ ගොවීන්ට කෘෂිකර්මයට අනාගතයක් ගැන විශ්වාසය තැබිය හැකි සංවර්ධනයක් බලාපොරොත්තු විය හැක්කේ අපෙන් පමණයි.

 



අදහස් (9)

අලුත් සහල් මංගල්‍යයේදී ජනපති අතීතය සිහි කරයි

යෝගා Friday, 04 April 2025 12:36 PM

මෙතෙක් රජරට වියළි කලාපයෙන් ජනාධිපති වුණේ සිරිසේනයි අනුරයි. දෙන්නම ගොවියන්ව නන්නත්තාර කරලා හාල් මෝල්කාරයන්ට ප්‍රකෝටි ගණන් හම්බකරලා දුන්නා. ඡන්ද කාලෙට කයිය ගැහුවට දෙන්නටම මුල අමතකයි.

:       26       26

Pradeep KumaraFriday, 04 April 2025 01:38 PM

ඔය කතාව සිරිසේනට නම් අදාලයි. නමුත් අනුරට තව කාලයක් දෙන්න ඕන හරි නිගමනයකට එන්න. මොකද මාස දෙක තුනකින් ප්‍රාතිහාර්යයක් කරන්න බෑනේ. නමුත් යෝගා වගේ ඇස් වපර අයට ඔහොම පේනවා.

:       0       0

චතුරිFriday, 04 April 2025 06:50 PM

යෝගා. ඔය නමේ හැටියට. කිසිම යෝගයක් නැහැ. බඩ පුරවන්න එපා ඕනෑවට වැඩිය මොලයට රුධිරය ගමන් කරන්න අපහසුයි. සිරිසේනගේ කාලේ ඉවරයි... එයා පඹයෙක්ටත් වඩා අන්තයි. අනුරට... මුල අමතක වෙන්නේ කොහොමද? එයා රට බාර ගත්තු දිනය අමතකද? මේ පළමුවැනි පියවර. ඔයාට කොන්දක් නැති නිසා තමයි මේ ප්‍ර්ශ්නය හොරා කාපු පගා ගත්තු වැඩ නොකර වැටුප් ගත්තු ඒ අයට. මේ ආන්ඩුව දිරවන්නේ නැහැ. දැන් ඒ අය හෙවනැල්ලටත් බයයි. කොයිවෙලේ. අත්අඩංගුවට පත් වෙයිදෝ කියලා... යෝගා පාසල් ගියේ නාමල් බේබි ගිය එකටද? දෙන්නම ජාඩියට මුඩිය වගේ...

:       5       5

ana Friday, 04 April 2025 12:47 PM

සාමාන්‍ය මිනිහෙක් ජනාධිපති වෙන එක බොහෝ අයට දිරවන්නේ නැහැ. බොහෝ විට ඒ් අය විනාශ කරන්නේ ඒ් පංතියේම අය විසිනුයි. ඉතිහාසයේ බොහෝ විට සිදු වුණේ ඒහෙමයි.

:       17       24

prasanna Friday, 04 April 2025 01:08 PM

මේවා නිකන් සුරංගනා කතා, ජනතාව රවට්ටන්න බේගල් කියනවා. ඔයාලා බලයට ඇවිල්ලා තියෙන්නේ ඩයස්පෝරාවේ මනදොළ පුරවන්න. ඒක ජනතාව අවබෝධ කරගෙන ඉන්නේ.

:       25       15

ගුණරත්න Friday, 04 April 2025 01:14 PM

හොඳයි මේ අවුරුද්දේ අස්වැන්න රජයේ ගබඩා වලට දුන්නද?

:       11       15

මැක්ස් Friday, 04 April 2025 03:18 PM

අපටත් මතකයි 88/89 කාලේ අස්වැන්න ගෙට අරගන්න කොටම තුවක්කු කාරයෝ ඇවිල්ල ඒවා උස්ස ගෙන යනවා. අලුත් හාලෙන් බත් මුට්ටියක් උයල දරුවොත් එක්ක කන්න නෑ, ගල් කටස් හමුදාව ඇවිල්ල එක උස්සගෙන යනවා. කෘෂි කර්මයට සම්බන්ධ වගා නිලධාරියාව, ග්‍රාම නිලධාරියාව පරලොව ඇරියා. විශ්ව විද්‍යාලයට එන ගොවීන්ගේ දරුවෝ සමාජවාදයක් ගැන බොරු දේශනා කරලා, උන්ගේ ඔලු වයිරයෙන්, ක්‍රෝධයෙන් පුරෝලා, උන්ව සමාජ අසහන කාරයන් බවට පත් කළා. ලිස්ට් එක දිගයි අතිගරු ජනාධිපති තුමා!

:       9       16

Gavin Saturday, 05 April 2025 06:04 AM

අතීතය හරියට සිහිකළොත් ලොකු අමාරුවක වැටෙන්නේ...

:       0       2

Kamal Sunday, 06 April 2025 12:02 AM

චතුරිත් භද්‍රානි වගේ මේ පැත්තේ රවුමක් දාලා... ගොම රිත්තක් අත ඇරලා යනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 381 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 225 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site