IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


අලුත් සමාගම් තුනට අඩු මිලට තෙල් විකුණන්න අවසර

(දමිත් වික්‍රමසේකර)

ශ්‍රී ලංකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළට පිවිසෙන විදේශීය සමාගම් තුනට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අනුමත මිලට වඩා අඩුවෙන් ඉන්ධන අලෙවි කිරීමට අවසර ලබා දීමට රජය තීරණය කර ඇත.

මෙම මස අවසාන වන විට සමාගම් තුන සමඟ ගිවිසුම් ගත වීමට නියමිත බවත් ගිවිසුම් ගත වූවාට පසුව මසක් තුළ එම සමාගම් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කර තිබේ.

චීනයේ සිනොපෙක් සමාගම, ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම සහ ෂෙල් සමාගම සමඟ එක්ව ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්.එම් පාර්ක්ස් සමාගමට ශ්‍රී ලංකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළට පිවිසීම සඳහා අනුමැතිය හිමිව ඇත.

මෙරටට පැමිණෙන විදේශ සමාගම් තුනට නියමිත මිලට වඩා අඩුවෙන් ඉන්ධන අලෙවි කිරීමට අවසර හිමි වීම නිසා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන වලට ඇති ඉල්ලුම අඩු වී රජයේ ඉන්ධන බිල පහළ යා හැකි බව එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පෙන්වා දී තිබේ.

වර්තමානයේ රජය සාමාන්‍යයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 450 ක මුදලක් මසකට ඉන්ධන වෙනුවෙන් වැය කරන බවත් ශ්‍රී ලංකාවට පැමිණෙන සමාගම් තුනෙන් එක් එක් සමාගම මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 120 ක ඉන්ධන මෙරටට ගෙන්වනු ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය බලාපොරොත්තු වන බවත් ඒ හේතුවෙන් රජයේ ඉන්ධන බිල අඩුවෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කර ඇත .

මෙම තීරණයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන අලෙවියට බලපෑමක් එල්ල කරනු ඇති බවත් නමුත් එය පාරිභෝගිකයාට වාසිදායක වනු ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පෙන්වා දී තිබේ.

ඉන්ධන ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඩොලර් සොයා ගැනීමට දේශීය බැංකු භාවිතයෙන් එම සමාගම් වැළකී සිටිය යුතු බවත් සමාගම් ලබන ලාභය මෙරටින් පිටතට ගෙන යා හැක්කේ වසරකට පසුව පමණක් බවත් ගිවිසුමේ කොන්දේසි වලට ඇතුලත් වන බව පැවැසෙයි.

සමාගම් තුන එකතු වී වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2 ක ඉන්ධන මෙරටට ආනයනය කරනු ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය ඇස්තමේන්තු කර ඇති බවත් ඉන් භාණ්ඩාගාරයේ බර සැහැල්ලු වන බවත් පැවැසෙයි.

ගිවිසුම අවුරුදු 20 ක් සඳහා වන බවත් එම කාලය තුළ ගිවිසුම අලුත් කිරීමේ ගාස්තු ලෙස වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ක මුදලක් එම සමාගම් ගෙවිය යුතු බවත් සඳහන් වේ.

අවුරුදු 20කට පසුවත් එම සමාගම් වලට සාකච්ඡා මාර්ගයෙන් ඇති කර ගන්නා එකඟතාවයන් මත දිගටම මෙහෙයුම් සිදු කළ හැකි බවද පැවැසෙයි.එම සමාගම් ගබඩා ගාස්තු ලෙස මුදලක් ගෙවනු ඇති බවත් ලීටරයකින් යම්කිසි ප්‍රතිශතයක් රජයට අදායමක් ලෙස ලැබෙනු ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.

ගිවිසුම් යටතේ, සුඛෝපභෝගී වාහන භාවිතා කරන සුපිරි ප්‍රමිතියෙන් මිල අධික නිෂ්පාදන අලෙවි කිරීමටද එම සමාගම් වලට අවස්ථාව ලබා දී ඇත.

 



අදහස් (15)

අලුත් සමාගම් තුනට අඩු මිලට තෙල් විකුණන්න අවසර

Prase Monday, 10 April 2023 10:42 AM

නියමයි, ඕක තමයි ජනතාව හොයපු වෙනස, cpc එක වහලා දාන්න ජනතාවගේ උපරිම සහාය රජයට... ජනතාවගේ බදුමුදල් වලින් සැප විඳින්න වෘත්තීය සමිති පාරට දැමීම ජනතාවගේ උපරිම සහාය රජයට....

:       24       120

NimalMonday, 10 April 2023 06:13 PM

පාඩු ලබන සියලු ආයතන පුද්ගලීකරණය කර එම සමාගම් විසින් රජයට බදුගෙවීම පමණක් නොව තරගකාරිත්වයක් තුළ මහජනතාවට සහනයක් ලැබීමට අවස්ථාව ලැබීම සහ වුර්තිය සමිති මාෆියාව අවසන් කිරීම සිදුකළ යුතුම වේ..

:       8       45

SLTuesday, 11 April 2023 10:53 AM

CPC ඉන්න අයියල ටික කෝටි 800 ක් CPC එක ඇපේ ට තියල පුද්ගලික ණය අරගෙන තියෙනවා.ලංකාවේ රාජ්‍ය අංශයේ හොරු නිසා තමයි මේ ආයතන විනාශ උනේ, රට ණය වුනේ. මේවට ඇමැතිලාගේ ඉඳල ඕක ඇතුලට පන්දාමට ආපු කුළු සේවකයා පටන් වගකියන්න ඕනේ අපිට වෙලා තියෙන්නේ ,මග හිටියොත් තෝ නසී ,ගෙදර ගියොත් අඹු නසී වගේ වැඩක්

:       1       8

Lal Monday, 10 April 2023 11:26 AM

ගොඩක් හොඳයි...

:       15       92

Prabha Monday, 10 April 2023 12:00 PM

ශ්‍රී ලංකා පෙට්‍රෝලියම් වහලා දාන්න තියෙන හදිස්සිය...

:       45       64

PODDA Monday, 10 April 2023 01:04 PM

ජනතාවට බලපාන මෙ වගෙ රාජ්‍ය ආයතන ආයතන පුද්ගලීකරණය කරල තරගකරිත්වය ඇති කල යුතුයි. පින්පඩි වාහන ගත්ත වෘතීය සමිති කාරයො.

:       9       89

pakeer Monday, 10 April 2023 01:50 PM

ලංකාවේ හැම ආයතනයකටම මේ ක්‍රෙම් කරන්න බැරිද?

:       8       67

prasad Monday, 10 April 2023 03:35 PM

මුලින්ම අඩුවෙන් විකුනල සිපෙට්කෝ එක වහලම දානව.ඊට පස්සෙ හිතු හිතූ විදියට ගණන් වැඩි කරනව.හරි සරලයි

:       41       53

Prase Monday, 10 April 2023 10:00 PM

මෝඩ කමෙන්ට් දාන්න එපා.ඇග්‍රිමන්ට් කියවන්නේ නැතුව .ඔයිල් වල මැක්ස් ප්‍රයිස් තීරණය කරන්නේ රජය .ඊට වඩා අඩුවෙන් ඕන කම්පැනි එකකට විකුනන්න පුළුවන් .ඒකයි තරඟය .බස් ප්‍රයිවට් කරාට ටිකට් එක ගැන අඩු වැඩි කරන්නේ ලංකාවේ රජය .රජයේ ගාස්තුවට වඩා වැඩියෙන් අය කරොත් ලයිසන් කැන්සල්

:       0       0

sumith Monday, 10 April 2023 03:43 PM

මේ තමා 1962 ට පෙර ලංකාවේ තිබුන ක්‍රමය.

:       1       57

Saman Monday, 10 April 2023 08:14 PM

ඔය වගේම පුළුවන් නම් අපේ පාර්ලිමේන්තුවත් පුද්ගලීකරණය කළා නම් නියමයි... නිකමට කිව්වේ...

:       0       3

sukitha Monday, 10 April 2023 08:53 PM

තිබෙන ෂෙඩ් මයි. තිබෙන බවුසර්මයි. නැවේ සිට බවුසරයට තෙල් යන කොටස තමයි මෙයාලා කරන්නේ. සිපෙට්කෝ එක කලේත් ඒකමයි. සිපෙට්කෝ එකේ අපේම මිනිස්සු අපි ගැන හිතුවා නම් අපිත්, සිපෙට්කෝ සේවකයෝත්, රටත් අද සැනසෙනවා. ඒත් එහෙම වුනේ නැහැ... විදේශිකයින් ඇවිත් මොනවද කරනවා. හිතට නම් හරි නැහැ. ඒත්...

:       12       30

kasunMonday, 10 April 2023 10:14 PM

අලුත් කොම්පැනි වලට ඒ අයගේ ඩොලර් වලින් තෙල් ආනයනය කල හැකියි. එය රටේ පවතින ඩොලර් හිඟයට එක පිලියමක්.

:       0       0

Sanjeewa Monday, 10 April 2023 11:02 PM

ලාබ ලබන තෙල් සංස්ථාව දේශපාලනීකරණය කරලා පාඩුවේ ඉන්න දුන්නේ කවුද...???...

:       0       0

Bamunuarachchi Tuesday, 11 April 2023 06:25 PM

ඔව් ඔව් පටන් ගන්නකොට අතින් පාඩු විඳගෙන හරි ලාබෙට දෙවි.

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත


ව්‍යවස්ථා සභාවේ ලේකම් ධම්මික අස්වෙයි
2025 මැයි මස 10 1193 0

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද


කොළඹ ලක්ෂ 10කට ඡන්දය එපා වෙලා
2025 මැයි මස 10 472 0

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත


සූදු ගැසූ 13ක් මාට්ටු
2025 මැයි මස 10 242 0

කාලයක සිට පොලොන්නරුව සෙවනපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොලක් වටලා, සූදු ක්‍රීඩාවේ යෙදී සිටි සිවිල් ආරක්ෂක බටයකු ඇතුළු දහත


තැනින් තැනට අද තද වැසි
2025 මැයි මස 10 113 0

මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍


වෙසක් උත්සවයට නුවරඑළිය සූදානම්
2025 මැයි මස 10 494 0

‘‘කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු‘‘ ආදර්ශ පාථය කරගත් සමබුදු තෙමගුල රාජ්‍ය උත්සවය අද සිට වැනි 16 වැනි දින දක්වා නුවරඑළිය ඛේන්ද්‍ර කරගනිමින් පැවැත්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 371 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1338 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 343 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site