IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අලුත් මැතිවරණ කොමිසම මෙන්න

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

මැතිවරණ කොමිෂන් සභාව සඳහා අලුත් සාමාජිකයෝ පස්දෙනෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් ඊයේ(22) නම් කරනු ලැබූහ.

මෙසේ නම් කෙරුණු සාමාජිකයන් අතර වර්තමාන මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් කිසිවකුත් ඇතුළත් නොවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මැතිවරණ කොමිසමට නම් කෙරුණු සාමාජිකයන් අතර හිටපු නීති කෙටුම්පත් සම්පාදකවරයකු, මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරයකු සහ  හිටපු නිලධාරියකු ඇතුළත් වන බවද  එම ආරංචි මාර්ග සඳහන් කළේය.

සෙසු ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් සාමාජිකයන් පත් කෙරුණද මැතිවරණ කොමිෂන්  සභාව සඳහා සාමාජිකයන් පත් කිරීම කාලයක් තිස්සේ ප්‍රමාදවිය.  මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක
පවතින මැතිවරණ කොමිෂන්  සභාව වෙනස් කිරීම  සුදුසු නොවන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ නායකයන් පිරිසක් දිගින් දිගටම විරෝධය දැක්වීම හේතුවෙන්  ඊට සාමාජිකයන් පත් කිරීම මෙසේ ප්‍රමාද විය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් තෝරා ගැනුණු  මෙම සාමාජිකයන් පස් දෙනාගේ නම් ජනාධිපතිවරයාට අද හෙටම යැවීමට කටයුතු සූදානම්  කර ඇතැයි  පාර්ලිමේන්තුවේ  උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.



අදහස් (3)

අලුත් මැතිවරණ කොමිසම මෙන්න

සුරංගොඩ Friday, 23 June 2023 05:03 AM

සාමාජිකයන්ගෙ නම් සදහන් නැතුව කොමිසම මෙන්න කිව්වම මොකක්ද මොකක්ද වගෙයි නේද කොහොම වුනත් ඡන්ද හිමි නාමලේඛනයේ ගෘහ මූලිකයාගේ නම මුලින්ම සිටින ලෙසට සකස්කිරීමට ඔවුන්ට වත් හැකිවේවා

:       0       0

swene Friday, 23 June 2023 09:02 AM

තිබුණු කොමිසම නම් වැඩක්ම නැහැ. හැබැයි මුදල් ඇමැතියි ජනාධිපතියි හැටියට එකම පුද්ගලයෙක් නිසා ඔහුට ඕන දේවල් සහ සිමා, චක්‍රලේඛ හරහා එවමින්කොමිසමේ ස්වාධිනත්වය කෙළෙසනවා

:       0       1

Kazi Shajahan Friday, 23 June 2023 11:27 AM

ඔය කමිෂන් දාලා වැඩක් නැහැ .චන්දෙ තියන්නේ ජනපති ට ඕන දවසට .ඕකේ ඉන්න වෙන්නේ පඹයෝ වගේ .ජනතාවගේ සල්ලි කාබාසිනියා කරන්න එපා.අපිට දැන් කමිෂන් කිසිම විශ්වාසයක් නැහැ.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site