IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අලුත් මැතිවරණ කොමිසමට පුංචිහේවාත් කැමැත්ත දෙයි

(සුජිත් හේවාජුලිගේ )

අලුතින් පිහිටුවීමට නියමිත මැතිවරණ කොමිෂන්  සභාවේ  සාමාජිකත්වය ලබා ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අයදුම්පතක් යොමු කළ බව මැතිවරණ කොමිසමේ වර්තමාන සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා මහතා පැවසීය.

මැතිවරණ නීතියට අදාළව  තමා ඇතුළු වර්තමාන කොමිසම සකස් කළ පනත්  කෙටුම්පත් සම්මත කර ගැනීමේ   ක්‍රියාවලිය අවසන් කිරීමේ අරමුණෙන් යුතුව  අයදුම්පතක් මෙලෙස යොමු කළ බව පැවසූ  හෙතෙම  මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයට අයදුම් කරන්නැයි සිවිල් සංවිධාන රැසක් තමාගෙන් ඉල්ලා සිටි බවද  ප්‍රකාශ කළේය.

මේ අතර මැතිවරණ කොමිසමේ සාමාජිකත්වය සඳහා තමාද  අයදුම් කළ බව සීමානිර්ණ කොමිෂන්  සභාවේ වර්තමාන සභාපති සහ  මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පසුගියදා පැවසීය.

මැතිවරණ කොමිසමට අමතරව සීමා නිර්ණ කොමිෂන් සභාවේ සාමාජිකත්වය සඳහාද දේශප්‍රිය මහතා අයදුම්පතක් යොමු කරනු ලැබ ඇත.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා නවය  පිහිටුවීමේ  කටයුතු බොහෝ දුරට ලබන සතියේදී   කෙරෙනු  ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකත්වය ලබා ගැනීම සඳහා අයදුම්පත්  1600කට ආසන්න සංඛ්‍යාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ලැබී තිබිණ.

 



අදහස් (0)

අලුත් මැතිවරණ කොමිසමට පුංචිහේවාත් කැමැත්ත දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 412 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site