
(අංජුල මහික වීරරත්න)
තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලෙස පත්වූ දිනිඳු සමන් හෙන්නායක මහතා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී අද(13) ධුරයේ රාජකාරී ආරම්භ කළේය.
මෙහි දී අදහස් දැක් වූ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසුවේ වෙනස් වූයේ වගකීම් මිස තනතුරු නොවන බවයි.
තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස එරංග ගුණසේකර මහතා ක්‍රියාත්මක කළේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය බවත්, නව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයාට ද පැවරෙන්නේ එම ප්‍රතිපත්තිය මත හිඳිමින් කටයුතු කිරීම බවත් ඔහු සඳහන් කළේය.
නව අමාත්‍යවරුන් පැමිණ සිටින්නේ වසර 5ක කොන්ත්‍රාත්තුවක් ක්‍රියාත්මක කිරීමට නොවන බව කී අමාත්‍යවරයා මේ සියලුම දෙනාගේ රට යැයි යන හැඟීමෙන් කටයුතු කිරීම සියලුම දෙනාට පැවරෙන වගකීමක් බව ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දක්වමින් නව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් මහතා පැවසුවේ තරුණ කටයුතු අංශය හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා ඔසවා තැබූ තැනින් තවත් පියවර කිහිපයක් ඉදිරියට ගෙනයාම තම අරමුණ බවයි. ජාතික තරුණ සේවා සභාව, ජාතික යොවුන් සේනාංකය වැනි ආයතන රටේ පොදු තරුණයාගේ ස්ථානයක් බවට පත්කිරීමට උපරිම කැපවීමෙන් කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
893
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අලුත් තරුණ නි,ඇමති වැඩ අරඹයි