(විමුක්ති එස් රුද්‍රිගු)
නව සෞඛ්‍ය අමාත්‍යවරයා දිවුරුම්දී සතියක් යන්නට මත්තෙන් රාජකාරි වැඩ සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ඔහුට හිතවත් වෛද්‍ය පරිපාලක නිලධාරී කණ්ඩායමක් සමඟ විදේශ සංචාරයකට ගොස් ඇති බවත් එය සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාට කළ අපහාසයකට සමාන බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
මක්නිසාද යත් මෙම වසරේ මුල් මාස 6 තුළ විදෙස් සංචාර 7 කට සහභාගී වීම නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් සහ වෘත්තීය සමිති කළ පැමිණිලි මත හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ විදේශ සංචාර නවතා දමන ලෙස උපදෙස් ලබා දී තිබූ බවත් අමාත්‍ය ධුරය වෙනස් වූ සැණින් නැවතත් ඔහුට හිතවත් වෛද්‍ය පරිපාලක නිලධාරී පිරිසක් සමඟ රාජකාරි කටයුතු සඳහා විදෙස් සංචාරයකට ගොස් ඇති බවත් ආරංචි මාර්ග පැවසුවේය.
එය නව අමාත්‍යවරයාට සිදු කළ අපහාසයක් බඳු යැයි ආරංචි මාර්ග ප්‍රකශ්ග කළේය.
රාජකාරි කටයුතු සඳහා විදේශ ගත වීම අත්‍යාවශ්‍ය නම් එම නිලධාරියා පමණක් ඒ සඳහා සහභාගී නොවී පිරිසක් රැගෙන යන්නේ මන්දැයි ආරංචි මාර්ග ප්‍රශ්න කළේය.සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද රැසක් මතුව තිබෙන මොහොතක සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාට ශ්‍රී ලංකාවේ සිට රාජකාරි කටයුතු කිරීමට නොහැකි මන්දැයි නොතේරෙන බව ආරංචි මාර්ග පැවසුවේය.
නවීන තාක්ෂණයත් සමඟ එසේ කිරීම අපහසු නොවන බවද ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.එමනිසා ඖෂධ හිඟය අවසන් කර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද විසඳන තෙක් සියලුම නිලධාරීන්ගේ විදේශ සංචාර නවත්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බවද ආරංචි මාර්ග පැවසුවේය.
2025 දෙසැම්බර් මස 18
137
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලුත් ඇමැති වැඩ පටන් ගන්න කලින් සෞඛ්‍ය ලොක්කා පිරිසක් සමග රට ගිහින්
පුරවැසියෙක්.... Sunday, 29 October 2023 05:47 PM
මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු අතර මෙය අනවශ්‍ය සංචාරක නම් වියදම් වූ ජනතාවගේ මුදල්, එම අයගෙන් අයකර ගැනීමට නව අමාත්‍යවරයාගේ වගකීමක් නොවේද?
MONARAGALA Sunday, 29 October 2023 06:25 PM
ඕවා 1900 ගණන් වලත් වුණානේ 2100 ගණන් වලත් වෙනවනේ... ඇයි කතා කරන්නේ ඕවා ගැන..?
කොන්දොස්තර Sunday, 29 October 2023 06:41 PM
ඇමැතිවරයා අනුමත නොකර ගියේ කාගේ බලයක් ලබාගෙනද බලන්න...? පුද්ගලික මුදලින් ගියත් නිවාඩු අනුමත කරන්න ඕනෑ. එහෙම තියෙද්දී රජයේ මුදල්වලින් රට සවාරියේ ගියේ කොහොමද සොයන්න ඕනෑ වරදක් කර ඇත්නම් උපරිම දඬුවම් දියයුතුයි. මෙහිදී රජයේ සම්පත් අයුතු පරිහරණය කළාද බලන්න ඕනෑ...?
CK.Lankaputhra Sunday, 29 October 2023 07:34 PM
අමාත්‍ය වරයාට අවශ්‍ය නම් හෝ පිටරට යෑම අනවශ්‍ය ක්‍රියාවක් නම් සියලුම දෙනා වහාම ආපසු කැඳවීමේ බලය එතුමාට තියනවා... අය ඒ ගැන කෙකර ගාන්න දෙයක් නෑ...
Bamunuarachchi Sunday, 29 October 2023 09:17 PM
යන යකා කොරහා බිඳ ගෙනම යන්නම් කියලා හිතන්න ඇති. ලොකුම ලොක්කන්ට පිට රට යන්න ඇමතිගෙන් අවසර ගන්න ඕනේ නැද්ද?