IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අලුතින් ගුරුවරු 5000ක්

(රංජන් කස්තුරි)

උපාධිධාරි ගුරුවරුන් 5500ක් ළඟදීම බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

මීට අමතරව විද්‍යාපීඨ ගුරුවරුන් 7500කට හෙට (16) පත්වීම් ලබාදෙන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා කීවේ. 

විද්‍යාව, ගණිතය, තාක්ෂණය,භූගෝල, භාෂා සහ වානිජ යන විෂයන් සඳහා භාෂා මාධ්‍ය තුනෙන්ම  එම ගුරුවරු බඳවා ගන්න බව ද අධ්‍යාපන අමාත්‍යවරයා කීය. 



අදහස් (6)

අලුතින් ගුරුවරු 5000ක්

චන්දන Wednesday, 14 June 2023 03:32 PM

බඳවා ගන්නවා කියල ගත්තට වැඩක් නැහැ. වත්මන් නවක ගුරුවරුන්ගේ ආකල්ප අන්තිමයි. සල්ලි මත්තෙම නැහෙනව. ආකල්ප පරීක්ෂාවක් තියල බඳවා ගන්න. කල් ගියත් වැඩේ වටිනව. අධ්‍යාපන පද්ධතිය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන අය ක්ෂෙත්‍රයට අවශ්‍යයි. විවෘත තරඟ විභාගයෙන් බඳවා ගත් අධ්‍යාපන පරිපාලන සේවයේ අයත් එහෙමයි. 90%ම ෆෙල්. ඒ වගේ අය විදුහල්පතිල විදියට ස්කෝල විනාශ කරනව. රොයල්, විශාඛා, රිච්මන්ඩ්, මහින්ද වගේ පාසල් හොඳ උදාහරණ. ඒ පාසල්වල ගුරුවරුත් ඒ විදියට තමා දැන් වැඩ. 7.30-1.30 ගුරුවරු වෙලා.

:       0       6

Asiri PereraWednesday, 14 June 2023 04:25 PM

ප්‍රශ්නය තියෙන්නේ ගුරුවරුන්ගෙ පඩිය 45000කට එන්නේ වැඩට රස්සාවක් නැති උපාධි සෙට් එක ඇරෙන්න ඔතැනින් හොඳම සෙට් එක අයින් වෙලා වෙන ජොබ්වලට යනවා. උසස්පෙළ ගණිත විද්‍යාවලට ගුරුවරු එන්නේම නැතීතරම්...!

:       0       4

upul Wednesday, 14 June 2023 04:48 PM

හොඳ අදහසක්. උපාධිදාරි අයව ගුරු සේවයට බඳවා ගත යුතුය.

:       1       1

prasannna Wednesday, 14 June 2023 07:12 PM

හොඳ තීරණයක්... ගුරුවරු කියන්නෙත් මේ සමාජයේම කොටසක්... හොඳ, නරක දෙකම අඩුවැඩියෙන්තියෙනවා අපේ වගේ... පන්සලේත් එම විදිහම තමයි. ඉදිරියේදී බලමු ග්‍රහලෝකවලින්වත් 100%ක් හොඳ ගුරුවරුන් ගෙන්වන්න. ලංකාවේ නම් කොහොමත්ම නැහැ.

:       0       4

Sunil Thursday, 15 June 2023 07:41 AM

ඇමැතියා ඔවුන්ට කුණුහරප උගන්වයි.

:       0       0

disanayaka Thursday, 15 June 2023 08:49 AM

සාමාන්‍යයෙන් ඉංජිනේරු උපාධිධාරීන් ගණිත ගුරුවරුන් ලෙස පැමිණෙන්නේ නැත. පාසල්වල ගණිතය අකුරටම ඉගැන්විය හැකි ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන් ඕනෑ තරම් සිටිති. ඇයි ආණ්ඩුව ඒ අයට අවස්ථාව දෙන්නේ නැත්තේ. කලා ආදී අනෙකුත් උපාධිධාරීන්ට ගණිතය හා විද්‍යාව ඉගැන්විය නොහැක.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site