IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අරලියගහ මන්දිරය අසල ත්‍රීරෝද රියක් ගිනි ගනියි

(බිමල් ශ්‍යාමන්  ජයසිංහ)

අරලියගහ මන්දිරය   දොරටුව ඉදිරිපිටදී ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් අද (1) දහවල්  එකවරම ගිනිගෙන විනාශ වූ බව කොල්ලූපිටිය පොලිසිය කියයි

එහි පිටුපස ගමන් ගත් කාන්තාවක් ඇතුළු කුඩා ළමුන් තිදෙනෙක් ගින්නත් සමගම   පිටතට පැන දිවි බේරාගෙන ඇත

කොළඹ දෙසට ඇතුළු වෙන මං තීරුවේ ධාවනය වෙමින් තිබූ තීරෝද රථය අරලියගහ මන්දිරිය ඉදිරිපස දොරටුව ඉදිරිපසින් ධාවනය වීමත් සමඟම එහි පිටුපස කොටසින් මෙම ගින්න හටගෙන තිබූ බව පොලිසිය කියයි

ගින්න හට ගැනීමත් සමගම කොළඹ නගර සභාවේ  ගිනි නිවන රථයක් පැමිණ ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීමට කටයුතු කර ඇත

ත්‍රීරෝද රථය නාගවිල්ලුව පාලාවිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට අයත් එකක් වන අතර කාර්මික දෝෂයක් ගින්නට හේතුව බවට සැකකරන බව පොලිස් නිලධාරියකු පැවසීය

කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් එල් දුෂ්මන්ත මහතාගේ උපදෙස් මත පර්යේෂණ පැවැත්වේ



අදහස් (0)

අරලියගහ මන්දිරය අසල ත්‍රීරෝද රියක් ගිනි ගනියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 137 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site