(අජන්ත කුමාර අගලකඩ)
අනවරත අරගලයක යෙදී සිටින අහිංසක පුරවැසියන්ගේ අදෝනාවට සංවේදී වෙමින්, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වි සර්වපාක්ෂික නව ආණ්ඩුවක් පිහිටුවීමට පාර්ලිමේන්තුවට අවස්ථාව දිය යුතු යැයි හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් කර ඇත.
එසේ නොකර දාදු බලයෙන් හෝ බාහු බලයෙන් බලයේ රැඳී සිටීමේ නග්න අපේක්ෂාවෙන් සිදු කරන මන්ත්‍රීන් වෙන්දේසි කිරීමේ කෛරාටික දේශපාලන උපක්‍රම මඟින් සිදුවන්නේ අර්බුදයේ ගැඹුර සහ පරිමාව පුළුල්වීම පමණක් බවද එම ලිපියේ සඳහන් වේ.
හිටපු ඇමති අලහප්පෙරුම මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති මන්දිරයේ දී ඊයේ ( 21) හමුවී මෙම ලිපිය භාරදී ඇත.
එහි මෙසේද සඳහන් වේ
දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු
වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව
කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්
යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ
වෙන්නපුව කටුකෙන්ද මිහිඳු ප්‍රාථමික විද්‍යාලයේ 2025 වසර සඳහා නවක ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළඳවීම එම විද්‍යාලීය පරිශ්‍රයේදී සිදුකෙරිණි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
’’අර්බුදය විසඳන්න පාර්ලිමේන්තුවට බලය දෙමු’’
කිරිපුතා Friday, 22 April 2022 06:37 PM
මෙම ඉල්ලීම හෝ පිිළිගනීවි යැයි අපේක්ෂා කරමු...!
ABSaturday, 23 April 2022 08:11 AM
අනවරත අරගලයක යෙදී සිටින අහිංසක පුරවැසියන්ගේ අඳෝනාවට සංවේදී නොවන නායකයින් සහ පක්ෂ විපක්ෂ දේශපාලකයින් බල අරගලයක යෙදී සිටින්නා වූ රටක ප්‍රජාතන්ත්‍රවාදය සහ පුරවැසි අයිතිවාසිකම් වෙනුවෙන් රටේ පුරවැසියන් දැනුවත් කරමින් ශ්‍රී ලංකාවේ සිට ප්‍රබල හඩක් නගන්නා වූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දේශීය හෙළ වෙදදුරන් සහ ඒ සඳහා සහභාගි වන්නන් ඇතුළු ශ්‍රී ලංකාවට ගෞරවනීය වෙනසක් ලබාදීම වෙනුවෙන් සාමකාමී මානුෂීය අරගලයට දායකත්වය ලබා දෙන්නා වූ සියලු දෙනාට ලොවපුරා වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ප්‍රණාමය..!
වර්ණකුලසූරියSaturday, 23 April 2022 08:03 PM
ශ්‍රී ලංකාව මැදමුලන රාජපක්ෂ පවුලේ බූදලයක් වී පවතින තත්ත්වයකදී ඔය ඉල්ලීම පිළිගනීවිද?
siri Friday, 22 April 2022 06:37 PM
හෘද සාක්ෂියට එකඟව කතාකරන කීප දෙනෙක් හෝ සිටීම අගය කරමු.
siri Friday, 22 April 2022 07:01 PM
"අගමැති සිහිනය සැබෑ කරගන්න පාර්ලිමේන්තුවට බලය දෙමු " කිව්වා නම් තමයි නිවැරැදි...!
Kasthuriarachchi Friday, 22 April 2022 07:30 PM
මෙය අවස්ථාවක් කොට ගෙන, අප රටට අවශ්‍ය ඡාතික ප්‍රතිපත්ති සකසා ගත යුතුයි. නැතහොත් නැවත මෙම හැතිකරේ රට විනාශ කිරීම අරඹනු ඇත...!
ravin Friday, 22 April 2022 07:50 PM
ඊට නරකද අංගොඩට බාරදුන්නා නම්..? එහෙම නැතිනම් හිරගෙදරට? ඕකේ ඉන්න වැඩි කට්ටියකට සුදුසු තැන...
Kumara Friday, 22 April 2022 08:00 PM
මෙයා කොහෙද හිටියේ...? යන්න යන්න..!
saliya Friday, 22 April 2022 08:12 PM
ජයවේවා...! ඔබතුමා ඉදිරියට එන්න.. අඩුපාඩු ඇතත්, යමක් කළහැකි, අවබෝධයක් ඇති, කණ්ඩායමකට නායකත්වය දෙන්න. ඔබට පුළුවන් හැකියාවන් ඒකරාශි කරන්න. රටට සමබර නායකත්වයක් දෙන්න.
සමිත සේනක අලුත්ගමගේ. Friday, 22 April 2022 08:27 PM
ජනපති ඉවත් වී පාර්ලිමේන්තුවට බලය පැවරීමෙන් පසු පොදු සම්මුතිය අනුව මැතිවරණයකට යනතෙක් තාවකාලික රජයක් පිහිටුවාගෙන කටයුතු කළ හැකියි. ඒත්, මේ තාවකාලික රජයේ වර්තමානයේ රටට එපාවූ හා රට අස්ථාවර කළ කණ්ඩායමේ දේශපාලකයින් ඊට ඇතුළත් නොවිය යුතුයි.
චන්දන Friday, 22 April 2022 08:35 PM
මේ වෙලාවේ හැඟීම් සහ ආවේගශීලි වුණොත් වඩාත් අගාධයකට වැටෙන්නේ රටේ සාමාන්‍ය වැසියන්. ඒ නිසා බුද්ධිමත්ව කතා කිරීමත්, වැඩ කිරීමත් වැදගත්...
Eranda Friday, 22 April 2022 09:17 PM
සිරසේනත් පාර්ලිමේන්තුවට බලය දීලා රට ගොඩගත්තේ, ඒක තමයි ආයෙත් කරන්න ඕනේ. උගත් පොරවල් තමයි 70 වසරක් මේ රට කෑවේ. දැන්වත් ඉන්න ගෙදරට වෙලා අපේ රට බාරගන්න ඇනෝනිමස්ලා ඇවිල්ලා ඉන්නේ. අපි ඉදිරි වැඩ ඇනෝනිමස්ලාටම කියලා කරගන්නම්...!
aravinda Friday, 22 April 2022 10:30 PM
ඕක හරියට අතීසාරයට අලුත් අමුඩයක් ඇඳ බැලීමක් වගේ...!
sampath Friday, 22 April 2022 11:25 PM
මොකක් හරි බයිලාවක් කියන් එනවා විතරයි. නටපු තොවිලෙකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ. ඡන්දෙකට යන්න මිනිස්සු වැඩේ කරයි. දැනුත් බලේ තියෙන්නේ පාර්ලිමේන්තුවට මිසක්..., වඩේ විකුණන මනුස්සයට හරි, විට විකුණන මනුස්සයාට හරි නෙවෙයිනේ... නූගතුන් තෝරලා ඡන්දෙ දීපු මිනිස්සුන්ට යස වැඩේ...!
chandima Saturday, 23 April 2022 01:10 AM
මේ කෙළවෙලා තියෙනවා මදිවට තවත් ඒ අයටම බලය දෙන්නද කියන්නේ...?
nelupa Saturday, 23 April 2022 01:51 AM
ඔය පාර්ලිමේන්තුවේ කපටි හීං නූල් කාරයෝ තවත් නැහැ .. වැල යන අතට මැස්ස ගහනව ලස්සනට...
සකල ගුරු Saturday, 23 April 2022 08:36 AM
කියන්න වහාම ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීලා සියල්ලන්ම ඉවත්කර විවිධ විෂයයන් සම්බන්ධයෙන් දක්ෂ අයට එම තනතුරු දීලා ඇමැතිවරු ලෙසට පත්කර රට මෙහෙයවන්න. ජාතික ලැයිස්තුවේ මොන පක්ෂය යටතේ නම තිබුණත් සියලුම ඇමති තනතුරු දැරිය යුත්තේ ඔවුන් පමණක් විය යුතුයි. අවශ්‍ය නම් උප ඇමැති තනතුරු ඡන්දයෙන් පත්වන අයට දීමට කටයුතු කරන්න... රටට වරදින්නේ නැහැ. අගමැති පාර්ලිමේන්තුවේ බහුතරයේ රහස් ඡන්දයෙන්ම පත්කළ යුතුය. අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපති නොවිය යුතුයි. විපක්ෂයක් අවශ්‍ය නැහැ.. සැමටම හරි වැරැද්ද ප්‍රකාශ කිරීමට නිදහස ඇතිකළ යුතුයි. විපක්ෂයක් තිබීමේ වරදත් පක්ෂ නායකයාගේ අදහසට කිසිවෙකුට විරුද්ධව යාමට තහනම් වීමත් රටට ශාපයක් වෙලා තියෙනවා කියා කියන්න පුළුවන්...!
ganegoda Saturday, 23 April 2022 01:27 PM
ඔය එක එක උප්පරවැට්ටි දාගෙන පාර්ලිමේන්තුවට වෙලා ඒ අයගේ බඩකට, මඩිය පුරවාගැනීම හැර වෙන කිසි දෙයක් සිද්ද වෙන්නේ නැහැ.