IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අර්බුදයට විසඳුම හිඟමන් යැදීම හා ජනතා නැගිටීම් තලාදැමීම නෙවෙයි

(ඩයනා උදයංගනී)

රටේ පවතින අර්බුදයට විසඳුම ලෝකය වටා සිඟමන් යැදීම හා ජනතා නැගිටීම් තලා දැමීමේ සැලසුම් සකස්කිරීම නොවන බව, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඉකුත් අප්‍රේල් මාසයේ ජනතා නැගිටීමක් සිදුවූයේ තෙල් සහ ගෑස් හිඟයෙන් ඇති වූ පීඩනය නිසා බව කී මන්ත්‍රීිවරයා ඉදිරියේදී ආහාර සහ ඖෂධ හිඟයක් ඇතිවී ඖෂධ නැතිව සිදුවන දෙමාපියන්ගේ මරණ හා පුංචි දරුවන්ගේ කුසගින්න හමුවේ ජනතා නැගීසිටීමක් සිදු වුවහොත් අප්‍රේල් මාසයට වඩා අතිශය භයානක තත්වයක් ඇති විය හැකි බව ද සඳහන් කළේය.

රාජ්‍ය රහස් පනත යටතේ අධි ආරක්ෂක කලාප ප්‍රකාශයට පත්කිරීම තුළ බරපතල නීතිමය ගැටලුවක් ඇතැයි කී මන්ත්‍රීවරයා එසේ වුවත්, රටේ රාජ්‍ය රහස් ඇති ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය, අගමැති මන්දිරය, අගමැති කාර්යාලය වැනි ස්ථානයන්ට බලහත්කාරයෙන් ඇතුළුවීම  නම් ඒක අනිවාර්යයෙන්ම නතර කළ   යුතු බව ද කීවේය.

මෙම අර්බූදයට කඩිනමින් නොවිසඳුවහොත් ජනතාවගේ කෝපයට මුහුණ දීමට ආණ්ඩුවට සිදුවනු ඇතැයි ද හෙතෙම කීවේය.

ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ එම පක්‍ෂ ප්‍රධාන කාර්යාලයේ දී අද (26) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (3)

අර්බුදයට විසඳුම හිඟමන් යැදීම හා ජනතා නැගිටීම් තලාදැමීම නෙවෙයි

SUNIL MILANO Monday, 26 September 2022 07:37 PM

ගම්මන්පිල මහත්තයාට අනුව... මේ කාලකණ්ණි ජෙප්පන්, පෙරටුගාමීන් උද්ඝෝෂණ කළාම කොහොමද මහජනතාව නැගිටීමක් වෙන්නේ...? මේ අපතයින් කරන්නේ රට තවතවත් අගාධයට ඇදදැමීමක් නේද? මේ අවස්ථාවේ කළයුත්තේ නිහඬව, පවතින ආණ්ඩුවට සහාය දැක්වීමයි.

:       0       0

Perera Tuesday, 27 September 2022 04:40 AM

අර්බුදයට එක් විසඳුමක්... මෙවැනි ඵලකට නැති දිව දෙකේ දේශපාලකයින්ව පන්නා දමා මොවුන් කර ඇති දූෂණ, වංචාවලට නීතිය මගින් කටයුතු කර නිසි දඬුවම් පමුණුවීමයි.

:       0       0

Lelwala Tuesday, 27 September 2022 07:07 AM

ඊළඟ මැතිවරණයේදි යන්න තැනක් සොයාගත්තා නම් හොඳයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 349 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1008 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site