IMG-LOGO

අරුණගේ ‘මාරියා‘ ට ජායිපූර් සිනමා උළෙලෙන් සම්මානයක්

(සමන්ත යහම්පත්)

ඉන්දියාවේ ජායිපූර් නගරයේදී අද (10) අවසන් වූ ‘15 වැනි ජායිපූර් අන්තර්ජාතික සිනමා උෆළ්ලේ“ (Jiff) ‘ග්‍රීන් රෝස්‘ සම්මානය අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ ‘මාරියා‘ චිත්‍රපටයට හිමිවිය. 

මෙම මස 6 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැති මෙම සිනමා උළෙලේ තරගකාරී අංශය නියෝජනය කළ ‘මාරියා‘ චිත්‍රපටය මීට පෙර රුසියාවේ ‘යල්ටා ඉයුරේෂන් බ්‍රිජ්‘ අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම චිත්‍රපටය සම්මානයත්, වියට්නාමයේ ‘හැනෝයි අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවා සම්මානය එහි රඟපෑ සත් දෙනා ලබාගැනීමටත් සමත්විය.

මෙවර ‘ජායිපූර් අන්තර්ජාතික සිනමා උළෙලේදී‘ එම සම්මානය අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන හා නිෂ්පාදක ඉන්ද්‍රජිත් සිල්වා යන මහත්වරු ලබාගත්හ. මෙම අවස්ථාවට චිත්‍රපටයේ රංගන ශිල්පියකු වන හේමාල් රණසිංහ ද එක්විය.

මහ මුහුද මැද සම්පූර්ණයෙන් ම රූපගත කළ ‘මාරියා‘ චිත්‍රපටයට නළුවන් පමණක් දායකවීම විශේෂත්වයකි. මෙහි මහේන්ද්‍ර පෙරේරා, හේමාල් රණසිංහ, දර්ශන් ධර්මාරාජ්, අශාන් ඩයස්, ප්‍රියන්ත සිරිකුමාර හා සුරන් දිසානායක චරිත නිරෑපණය කරති. 

මෙම චිත්‍රපටය මෙම 14 වැනිදා සිට 20 දක්වා බංග්ලාදේශයේ ඩකා නුවර ආරම්භ වන ‘ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේ තරගකාරී අංශයටද තොරාගෙන තිබේ.



අදහස් (0)

අරුණගේ ‘මාරියා‘ ට ජායිපූර් සිනමා උළෙලෙන් සම්මානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site