(නිමන්ති රණසිංහ)
ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම මගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් කෝටි 167 ක බදු මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් අද (02) අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. ඉලංගසිංහ මහතා අර්ජුන ඇලෝසියස් මහතාට සිතාසි නිකුත් කර ඇත.
ඒ අනුව මෙලෙස සිතාසි නිකුත් වී ඇත්තේ ප්‍රින්ස් ටවර්, ඇල්ෆඩ් හවුස්, කොළඹ 03 ලිපිනැති ඒ. ජේ. ඇලෝසියස් මහතාටය.
නො.309/5, මීගමු පාර, වැලිසර ලිපිනැති ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතුව ඇති රුපියල් 1,678,795,049/= ක මුදලක් ආදායම් බදු වශයෙන් නොගෙවා පැහැර හැර ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම නඩුව ගොනුකරනු ලැබ තිබුණේ ඉකුත් 2021 වසරේදීය.
2025 දෙසැම්බර් මස 18
408
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
234
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අර්ජුන ඇලෝසියස්ට සිතාසි
ranjith Thursday, 01 September 2022 09:14 PM
මේ රටේ දුප්පතුන් සූරාකන හැටි නේද මේ කුහක ව්‍යාපාරිකයෝ...?
siri Friday, 02 September 2022 12:04 PM
සුරාව අලෙවි කළ ජනතාව සූරා කනවා. ජනතාව ලෙඩවෙලා රෝහල්ගත වුණාම මහජන මුදල් නැවත වැයවෙනවා. ඒ මදිවට මොවුන් බදු ගෙවන්නෙත් නෑ හරියට... මේවට උපරිම දඬුවම් දිය යුතුයි.
Bamunuarachchi Saturday, 03 September 2022 07:53 AM
බදු වංචා කරන්නන් බොහෝ දෙනෙක් ඉන්නවා. බිල්පත් නිකුත් නොකරන හාඩ්වෙයාර් කාරයෝ බොහොමයි. ආදායයම් බදු කාරයෝ හාඩ්වෙයාර් වලට පැන්නොත් වංචාව අල්ලගන්න පුළුවන්.